Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිලිපීනය ශී‍්‍ර ලංකාව පරදවයි

පිලිපීනය ශී‍්‍ර ලංකාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේහිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කණ්ඩායම් ස්කොෂ් ශූරතාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිරිමි ස්කොෂ් කණ්ඩායම අද (14 වැනිදා) පැවැති තරගයකදී පිලිපීනය හමුවේ පරාජයට පත්විය.

ගිහාන් සුවාරිස්, රවිඳු ලක්සිරි සහ ශමිල් වකීල් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර තරග 2-1 ක් ලෙස ඔවුහු පිලිපීන කණ්ඩායම හමුවේ පරාජයට පත්වූහ.

එහිදී පිලිපීන කී‍්‍රඩක ඬේවිඞ් විලියම්ට එරෙහිව පැවැති තරගය වට 3-0 ක් ලෙස ජයගැනීමට රවිඳු ලක්සිරි සමත් වූ අතර රෙමාර්ක් බෙගෝර්නියාට එරෙහිව පැවැති තරගයේදී ගිහාන් සුවාරිස් පරාජයට පත්වූයේ වට 3-2 ක් ලෙසනි.  

ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක චීන තායිපේ, හොං කොං, කටාර්, ඉරාකය, පාකිස්තානය, සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, බංග්ලාදේශය, ඉන්දියාව, ජපානය, පිලිපීනය සහ මැකාවෝ යන රටවල් මෙම තරගාවලියට සහභාගි වෙයි.
තරගාවලිය හෙට (15 වැනිදා) අවසන් වීමට නියමිතය.


ශ‍්‍රි ලංකාව සහ පිලිපීනය අතර තරගය

  • රොබට් ගාෂියා විසින් තරග වට 3-0 ක් ලෙස ශමිල් වකීල් පරජය කරන ලදි. (11/4, 11/7, 11/9)
  • රවිඳු ලක්සිරි විසින් තරග වට 3-0 ක් ලෙස ඬේවිඞ් විලියම් පරාජය කරන ලදි. (11/8, 11/8, 11/8)
  • රෙමාර්ක් බෙගෝර්නියා විසින් තරග වට 3-2 ක් ලෙස ගිහාන් සුවාරිස් පරාජය කරන ලදි. (11/4, 5/11, 11/6, 6/11, 11/8)

 


අදහස් (0)

පිලිපීනය ශී‍්‍ර ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.