Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිහිනුම් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

පිහිනුම් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පාසල් ජල ක‍්‍රීඩා සංගමය 43 වැනි වරටත් සංවිධානය කරන සමස්ත ලංකා පාසල් වයස් කාණ්ඩ පිහිනුම් සහ කිමිදුම් තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවයි.

24 වැනි වරටත් නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය ජුනි මස 23 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වීමට නියමිතය.  

වයස 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ වයස 19 න් පහළ යන වයස් කාණ්ඩ හයකින් බාලක සහ බාලිකා අංශ දෙකින්ම ඉසව් තරගාවලිය පැවැත්වේ.

වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලියට පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 5000 ක් පමණ සහභාගිවන බව පාසල් පිහිනුම් සංගමයේ ලේකම් ක‍්‍රිෂාන් දුමින්ද මහතා ‘ලංකාදීපයට’ පැවසීය.

අයැදුම්පත් මැයි මස 30 වැනිදාට පෙර සභාපති, ශ‍්‍රී ලංකා පාසල් ජල ක‍්‍රීඩා සංගමය, ලූම්බිණි විද්‍යාලය, කොළඹ 05 යන ලිපිනයට යොමු කළ යුතුය.

 


අදහස් (0)

පිහිනුම් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.