Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිහිනුම් තරගාවලියට අයැදුම් කැඳවයි

පිහිනුම් තරගාවලියට අයැදුම් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෝකන්දර රිනුහි පිහිනුම් පුහුණු පාසලට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ‘රිනුහි’ විවෘත පිහිනුම් තරගාවලියට අයැදුම් පත් බාර ගැනේ. තරගාවලිය මැයි මස 7 වැනිදා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය පිහිනුම් තටාකයේදී පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ අනුමැතියෙන් සංවිධානය කෙරෙන මෙම තරගාවලියේ තරග ඉසව් වයස 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ  19 න් පහළ යන වයස් කාණ්ඩවලින් පැවැත්වේ.


පාසල්වල සහ ආයතනවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය පුහුණුකරුගේ අනුමැතිය ඇතිව තරගවලට ඉදිරිපත් විය හැකිය.
අයැදුම්පත් බාර ගැනීම මැයි මස 1 වැනිදා අවසන් වන අතර වැඩි විස්තර 0778-208472 හෝ 0727-185671 දුරකථන අංක ඇමැතීමෙන් ලබාගත හැකිය.

 

- 090


අදහස් (0)

පිහිනුම් තරගාවලියට අයැදුම් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.