Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප‍්‍රවීනයන්ගේ පාපැදි තරගය 17 දා කොළඹදී

ප‍්‍රවීනයන්ගේ පාපැදි තරගය 17 දා කොළඹදී

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ප‍්‍රවීනයන්ගේ පාපැදි සංගමය සංවිධානය කරන පාපැදි තරගාවලියක් අගෝස්තු මස 17 වැනිදා පෙරවරු 8.00 සිට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසළදී පැවැත්වීමට නියමිතය.

අවුරුදු 40 න් ඉහළ පිරිමි (ස්ටෑන්ඩඞ්), අවුරුදු 50 න් ඉහළ පිරිමි (රේසිං), අවුරුදු 60 න් ඉහළ පිරිමි (රේසිං) ලෙස ප‍්‍රවීනයන්ගේ පාපැදි තරග 3 කින්, කී‍්‍රඩා සමාජ සඳහා විවෘත රේසිං පාපැදි තරගයකින් සහ අවුරුදු 18 න් පහළ බාලක බාලිකාවන් සඳහා පැවැත්වෙන විවෘත මවුන්ටන් පාපැදි තරගයකින් මෙම තරගාවලිය සමන්විත වේ.

සෑම තරගයකම පළමු ස්ථාන 10 ක් දක්වා මුදල් ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ.  

විවෘත රේසිං පාපැදි තරගයට කී‍්‍රඩා සමාජයකින් තරගකරුවන් 5 දෙනකු සහභාගී කරවිය හැකි අතර ප‍්‍රවීනයන්ගේ තරග වලට සහභාගීවිය හැක්කේ ප‍්‍රවීනයන්ගේ පාපැදි සංගමයේ සාමාජිකත්වය ලබා ඇති හෝ සාමාජිකත්වය ලබාගන්නා තරගකරුවන්ට පමණි.

තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0112939696, 0775880351 සහ 0777609439 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැක.


- 036


අදහස් (0)

ප‍්‍රවීනයන්ගේ පාපැදි තරගය 17 දා කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.