Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිසියට 20 - 11 ක ජයක්

පොලිසියට 20 - 11 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සති අන්තය ආරම්භ කරමින් පොලිස් පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාගංණයේදී අද (06) පස්වරුවේ පැවැති තරගයෙන් පොලිස් ක‍්‍රීඩකයෝ ලකුණු 20-11 ක ජයක් ලැබීමට සමත් වූහ.

මෙය පොලිස් පිල මෙවර තරගාවලියේ තරග හතරකදී ලැබූ දෙවැනි ජය වේ

ජයග‍්‍රාහි පොලිස් පිල ගෝල දෙකකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු රැස්කළ අතර පොලිස් පිලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු එකතු විය.

පොලිස් පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20-5 ලෙස පෙරමුණේ පසු විය.

පොලිස් පිලට විදේශිය ක‍්‍රීඩකයන් වන නචෝනි රොකො සහ නඔලිවිල් අපිසායි උත්සාහක දිනුම් සම්පූර්ණ කිරීමට සමත් වූහ. කොළඹ රාජකීය විදුහල් පිලේ හිටපු නායක අර්ෂාඞ් ජමාල්ඞීන් ගෝල ප‍්‍රවර්ථන සහ දඩුවම් පහර දෙක සාර්ථක කිරීමට සමත් විය.

එරංග රණවීර පළමු අර්ධයේදී පොලිස් පිල වෙනුවෙන් උත්සාහක දිනුම සම්පූර්ණ කළේය. නායක චරිත් රණවීර දඩුවම් පහර දෙක සාර්ථක කිරීමට සමත් විය.

 


අදහස් (0)

පොලිසියට 20 - 11 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.