මාතර පොල්හේන ජල ක්‍රීඩා සමාජය 31 වැනි වරටත් සංවිධානය කරන කිලෝමීටර දෙකේ මුහුදු පිහිනුම් තරගාවලිය මේ මස 3 වැනිදා පෙරවරු 8.00 සිට මාතර පොල්හේන මුහුදු තීරයේදී පැවැත්වේ.
සමස්ත ලංකා තරගාවලියක් වන මෙම තරගාවලිය දිවයිනේ ඕනෑම පිහිනුම් කී‍්‍රඩකයකුට විවෘතය.
මෙවර තරගාවලියට ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් තරගකරුවන් 130 කට ආසන්න පිරිසක් මේ වන විටත් ඉදිරිපත්ව ඇතැයි සංවිධාන කමිටුව පවසයි.
පසුගියදා ගල්කිස්සේදී පැවැති 79 වැනි සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේදී සහ වැල්ලවත්තේ පැවැති සැතපුම් හයේ මුහුදු පිහිනුම් තරගාවලියේදීත් ශූරයා වු තරි`දු උදයංග පසුගිය වසරේ මෙම තරගාවලියේ ද ශූරයා විය.
වැල්ලවත්ත මුහුදු පිහිනුම් තරගාවලියේ ශූරිය වු ශසිනි නවෝද්‍යා පසුගිය වසරේ මාතරදී කාන්තා ශුරතාව දිනා ගත්තාය.
පිරිමි සහ කාන්තා විවෘත ඉසව්වට අමතරව ලාබාලතම කී‍්‍රඩකයා සහ ක්‍රීඩිකාව, කණ්ඩායම් ශූරතාව ලෙස සම්මාන පිරිනැමේ. අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජය පසුගිය වසරේ කණ්ඩායම් ශුරතාව දිනා තිබේ.
මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන කෙටි දුර පිහිනුම් තරග අපේ‍්‍රල් මස 2 වැනිදා පොල්හේන රීඞ් ගාඞ්න් හෝටල් පිහිනුම් තටාකයේදී පැවැත්වීමට නියමිතය. දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති සී.ඞී.වික්‍රමරත්න මහතා ඇතුඵ ආරාධිත අමුත්තන් රැුසකගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්රදානෝත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.