Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පේරාදෙනිය - මොරටුව චෙස් ශූරතා දිනති

පේරාදෙනිය - මොරටුව චෙස් ශූරතා දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයීය ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාලයීය චෙස් තරගාවලියේදී පේරාදෙනිය විශ්වවිද්‍යාලය විසින් පිරිමි ශූරතාව දිනාගන්නා ලදි. කාන්තා ශූරතාව මොරටුව විශ්ව විද්‍යාලයට හිමිවිය.

වසර දෙකක් පුරා අන්තර් විශ්ව විද්‍යාලයීය කාන්තා චෙස් ශූරතාව හිමිකරගෙන සිටි කොළඹ විශ්වවිද්‍යාල කී‍්‍රඩිකාවන්ට ප‍්‍රබල අභියෝගයක් වෙමින් ලකුණු 2ක වෙනසකින් මෙවර කාන්තා චෙස් ශුරතාවය දිනාගැනීමට මොරටුව විශ්වවිද්‍යාල කී‍්‍රඩිකාවෝ සමත්වූහ.

තරග වට 5 ම ජයගනිමින් ලකුණු 10 ක්  ලබාගත් පේරාදෙනිය පිරිමි කණ්ඩායම ශූරතාවය දිනාගනිද්දී ලකුණු 08 ත් ලබාගත් ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කණ්ඩායම අනුශූරතාවය හිමිකරගත්තේය.

2012 / 2013 වසරවල පිරිමි ශූරතාවය දිනූ    මොරටුව සරසවි පිරිමි කණ්ඩායමට මෙවර හිමිවූයේ සිව්වන ස්ථානය වේ.

පිරිමි තරගාවලියේ ප‍්‍රතිඵල
1. පේරාදෙනිය විශ්වවිද්‍යාලය                10
2. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය            08
3. රුහුණ විශ්වවිද්‍යාලය                06
4. මොරටුව විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලය    06
5. කොළඹ විශ්වවිද්‍යාලය                06
6.  ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය        06
7. ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය        04
8.  කැළණිය විශ්වවිද්‍යාලය             04
9. වයඹ විශ්වවිද්‍යාලය                04
10. රජරට විශ්වවිද්‍යාලය              04
11. යාපනය විශ්වවිද්‍යාලය                02
12. නැගෙනහිර විශ්වවිද්‍යාලය             00

කාන්තා ශූරතාවලියේ ප‍්‍රතිඵල
1. මොරටුව විශ්වවිද්‍යාලය                  08
2. කොළඹ විශ්වවිද්‍යාලය                 08
3. පේරාදෙනිය විශ්වවිද්‍යාලය            07        
4. කැළණිය විශ්වවිද්‍යාලය            07
5. රජරට විශ්වවිද්‍යාලය            06  
6.  වයඹ විශ්වවිද්‍යාලය                05
7. රුහුණ විශ්වවිද්‍යාලය                04
8. ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලය        04
9. ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය     04
10. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය         04
11. යාපනය විශ්වවිද්‍යාලය        04
12. නැගෙනහිර විශ්වවිද්‍යාලය         03
13.  සෞන්දර්යය හා දෘෂ්‍ය කලා විශ්වවිද්‍යාලය 01


අදහස් (0)

පේරාදෙනිය - මොරටුව චෙස් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.