Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පෙරේරාට ඉක්වදෝරයේදී රිදී පදක්කමක්

පෙරේරාට ඉක්වදෝරයේදී රිදී පදක්කමක්

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉක්වදෝරයේ පැවැති ලෝක හමුදා ශිෂ්‍යභට ක‍්‍රීඩා උළෙලේදී යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගනීමට ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරී කේ. ඞී. එන්. පෙරේරා සමත්විය.

ක‍්‍රීඩාව තුළින් ලෝක සාමය ඇතිකර ගැනීම සහ මිත‍්‍රත්වය ගොඩනැගීම සඳහා වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ශිෂ්‍යභට නිලධාරීහු සහ නිලධාරිනියෝ 23 දෙදෙනෙක් සහභාගී වූහ.

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවට අයත් ශිෂ්‍යභට නිලධාරීහු සහ නිලධාරි මෙහිදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ජවන, පිටිය, පිහිනුම් සහ ඉලක්කයට වෙඩි තැබීම යන ක‍්‍රීඩා ඉසව් රැුසකට ඉදිරිපත් වූහ.

ක‍්‍රීඩා උළෙල 2014 අගෝස්තු මස 30 වැනිදා ඉක්වදෝරයේ ආරක්‍ෂක ඇමතිනී ගරු මරියා ෆර්නෑන්ඩා එස්පිනෝසා මැතිණිය විසින් නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, එම අවස්ථාවට ඉක්වදෝරයේ ක‍්‍රීඩා අමාත්‍ය එස්ආර් ජෝ ෆ‍්‍රැන්සිස්කෝ, ඉක්වදෝර් හමුදා සම්මේලනයේ සභාපති වයිස් අද්මිරාල් කාලෝස් මොංකයියෝ් කැසරිවාලොස් සහ රටවල් රාශියක ආරක්‍ෂක හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැුසක්ද සහභාගී වූහ.   රටවල් 26 ක සහභාගීත්වයෙන් පැවැති මෙම ක‍්‍රීඩා උළෙල අද (5 වැනිදා) නිමාවට පත්විය.

036


අදහස් (1)

පෙරේරාට ඉක්වදෝරයේදී රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.