Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුලීෂගෙන් පිට පිට දෙවැනි ශතකය
19න් පහළ සුපිරි පළාත් තරගාවලිය

පුලීෂගෙන් පිට පිට දෙවැනි ශතකය

editorial - 2025 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් ලීග් - වයස අවුරුදු 19න් පහළ අන්තර් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේදී පිට පිටම දෙවැනි ශතකය ලබාගත් මහනුවර පිලේ පුලීෂ තිලකරත්න තම කණ්ඩායම ලකුණු 42 ක ජයක් කරා කැඳවාගෙන ගියේය. මෙම තරගය අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ පැවැත්විණ. 
 
පුලීෂ තිලකරත්න කොළඹ උතුර පිලට එරෙහිව පන්දු 133කදී හතරේ පහර 19ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 133 ක් රැස් කළේය. මහනුවර පිලේ ආරම්භක පිතිකරුවන් වූ  පුලීෂ තිලකරත්න සහ දිමන්ත මහවිතාන තම ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ. 
 
මෙම තරගයේදී මහනුවර පිලට එරෙහිව පිත්තෙන් දස්කම් දැක්වූ කොළඹ උතුර පිලේ නායක චාමික හීනටිගල පන්දු 121කදී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 105ක් රැස් කළේය. 
 
 
මහනුවර - ඕවර 50 කදී  288 යි 
(පුලීෂ තිලකරත්න 133, දීමන්ත මහවිතාන 98, තරුෂ කොඩිකාර 48/3, තරුෂ නවෝද්‍ය 41/2, මානස මධුභාෂණ 52/2)
 
කොළඹ උතුර - ඕවර 46.3 කදී 246 යි 
(චාමික හීනටිගල 105, කිත්ම විතානපතිරණ 50, නිසල අබේරත්න 35/3, නිමේෂ් සිල්වා 27/2, කෞෂික කුමාරසිංහ 46/2)
 
 
                      පුලීෂ තිලකරත්න                                                                       චාමික හීනටිගල

අදහස් (0)

පුලීෂගෙන් පිට පිට දෙවැනි ශතකය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.