Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් කඳුකර දිවිමේ තරග 9 - 10 දෙදින

පාසල් කඳුකර දිවිමේ තරග 9 - 10 දෙදින

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකා පාසල් කඳු තරණ සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන අන්තර් පාසල් කඳුකර දිවිමේ තරගාවලිය මේ මස 9 සහ 10 යන දෙදින මතුගම යගිරලිය ගම්මානයේ පවුරු කන්ද ආශ‍්‍රිතව පැවැත්වේ.

වයස අවුරුදු 13 ත් 17 ත් අතර සහ 17 ත් 20 ත් අතර වශයෙන් කොටස් 2 ක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර එක් කණ්ඩායමක් සමාජිකයන් 10 දෙනකුගෙන් සමන්විත විය යුතුය.

මේ සඳහා දැනටමත් කණ්ඩායම් 20 ක් පමණ ඉදිරිපත්ව සිටින අතර ජාතික හෝ අන්තර්ජාතික පාසල් අතුරින් දිවයිනේ ඕනෑම පාසලකට මෙම තරගාවලියට ඉදිරිපත් වියහැකි අතර ඒ සඳහා ඔවුන් 2013.11.09 දින උදෑසන 8.00 වන විට මතුගම යගිරලිය ගම්මාන පවුරු කන්ද පාමුලට පැමිණිය යුතුය.

අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධ ශී‍්‍ර ලංකා පාසල් කඳුතරණ සංගමය මෙම තරගාවලිය සංවිධානය කරයි

තරගාවලිය පිළිබඳ වැඩි දුර විස්තර 0714 - 460748 / 0714 - 460749 දුකථන අංක ඔස්සේ ප‍්‍රධාන තරග සංවිධායක ලූතිනන් කර්නල් ජගත් අල්විස් මහතා ඇමතීමෙන් ලබාගත හැක.

036


අදහස් (1)

පාසල් කඳුකර දිවිමේ තරග 9 - 10 දෙදින

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.