දෙපාර්ශවයක් අයිතියට හිමිකම් කීම හේතුවෙන් කෑගල්ල දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ ක‍්‍රියාකාරීත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය තීරණය කර තිබේ. පාපැදි සම්මේලනයේ ඉකුත්දා පැවැති මධ්‍යම කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ වුවත් පාපැදි සම්මේලනයේ තීරණය පිළිගැනීමට තමන් සූදානම් නැති බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් කෑගල්ල දිස්ත‍්‍රික් පාපැදි (පැරණි) සංගමයේ උප ලේකම් සමන්ත ගනේගම මහතා පවසයි.
කෑගල්ල දිස්ත‍්‍රික් පාපැදි සංගමය ලෙස කටයුතු කරන එක් පාර්ශවයක සභාපතිනිය ලෙස හිටපු පාපැදි ශූරීයක් වන අශෝකා ශිරෝමාලි මහත්මිය කටයුතු කරයි. ඊට හිමිකම් කියන අනෙක් පාර්ශවයේ සභාපති ධුරයේ කටයුතු කරන්නේ රුවන්වැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුගත් මංජුල මහතාය.
දැනට කෑගල්ල දිස්ත‍්‍රික් පාපැදි සංගමයට පාර්ශව දෙකක් අයිතිය කීවත් එම දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක වන්නේ ක‍්‍රීඩා සමාජ හතරක් පමණක් බව වාර්තා වේ. කෑගල්ල සංගමයට අළුතින් අයිතිය තියන පාර්ශවයක් එක් ක‍්‍රීඩා සමාජයකින් පමණක් සමන්විත වන බවත් දැනගන්නට ඇත.
මේ අතර පාපැදි සම්මේලනයේ බලධාරීන්ගේ වරදින් මෙසේ කෑගල්ල සංගමය පාර්ශව දෙකක් වූ බවට කෑගල්ල දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ වසර ගණනාවක් ලේකම් ධුරය දැරූ සමන්ත ගනේගම මහතා පවසයි. පාපැදි සම්මේලනය දිස්ත‍්‍රික් සංගම් සඳහා ප‍්‍රදානය කරන මුදල් ප‍්‍රතිපාදන යටතේ කෑගල්ල දිස්ත‍්‍රික් පාපැදි සංගමයට 2014 ට වෙන් කළ රුපියල් 25000 ක මුදල දෙපාර්ශවයටම රුපියල් 12500 ක් බැගින් බෙදාදීමට කටයුතු කිරීමෙන් එහිදී පාපැදි සම්මේලනය වැරදි ආදර්ශයක් ලබාදුන් බවත් ගනේගම මහතා පවසයි.
කෑගල්ලේ පාපැදි පරිපාලන අර්බුදය පිළිබඳව මීට පෙර පාපැදි සම්මේලනය දෙපාර්ශවය ගෙන්වා කෑගල්ල පොලිස් අධිකාරි කාර්යාලයේදී පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු කළේය. එහෙත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවක් ලැබී නැති බවත් වාර්තාවේ.
තත්ත්වය මෙසේ තිබියදී කෑගල්ල දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ පැරණි පාර්ශවය පහුගිය සිකුරාදා (26) පැවැති නිලවරණයෙන් නව නිලධාරී මණ්ඩලයක් තෝරා ගත් අතර එහිදී සභාපති ධුරයට හිටපු පාපැදි ශූරී අශෝකා ශීරෝමාලි රූපසිංහ මහත්මිය නිතරගයෙන් පත් වූවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.