
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ (7 වැනිදා) පැවැති 15 වැනි තරගයේදී නියමිත කාළය තුල යැවිය යුතු ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම හේතුවෙන් දිල්ලි කැපිටල් පිලේ නායක රිෂාබ් පාන්ට්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩයක් නියම විය.
ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට එරෙහිව පැවැති එම තරගයෙන් කඩුලු 6 ක පරාජයක් ද දිල්ලි කැපිටල්ස් පිලට හිමිවිය.
”අයි.පී.එල්. තරගාවලියේ ආචාර ධර්මයන්ට අනුව මෙම තරග වාරයේදී දිල්ලි කැපිටල් පිලෙන් සිදුවූ පළමු වරද වූ බැවින්, දිල්ලි කැපිටල් පිලේ නායක රිෂාබ් පාන්ට්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩයක් නියම විය.”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.