Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පානදුර සුමංගලයට පන්දු යවන්නෝ ජය ගෙනෙති

පානදුර සුමංගලයට පන්දු යවන්නෝ ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත්විය. පානදුර ශාන්ත ජෝන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී ඊයේ (13 වැනිදා) පැවති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය කඩුලු 6 කින් පරාජය කිරීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට අවස්ථාව හිමිවිය.

වර්ෂාව හේතුවෙන් තරගය දෙපිලටම ඕවර 24 කට සීමාවූ අතර කාසියේ වාසිය දිනු පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට ආරාධනා කළේය. ඕවර 12.5 කදී සියලුදෙනා දැවී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 35 ක් පමණි.

පන්දුවෙන් දස්කම් දැක්වූ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ජනිඳු ඉනුවර ලකුණු 11 කට කඩුලු 3 ක් සහ අනුක ප්‍රදීපිත ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගත් අතර පසිඳු මධුසංක ලකුණු 09 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ජයග්‍රහණය සදහා ලකුණු 36 ක ඉලක්කයක් හඹාගිය පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ඕවර 5.2 දී කඩුලු 4 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය. අවිශ්ක උපනන්ද ලකුණු 21 කට කඩුලු 2 ක් දවාගත්තේය.


විද්‍යාර්ථ විද්‍යාලය - ඕවර 12.5 කදී සියලුදෙනා දැවී ලකුණු 35
(ජනිඳු ඉනුවර 11/3, අනුක ප්‍රදීපිත 13/3, පසිඳු මධුසංක 09/2)

ශ්‍රී සුමංගල විද්‍යාලය - ඕවර 5.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 39
(අවිශ්ක උපනන්ද 21/2)

 


අදහස් (0)

පානදුර සුමංගලයට පන්දු යවන්නෝ ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.