Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා සමූහ ව්‍යාපාරය එක්ව 11 වැනි වරටත් සංවිධානය කරන ‘ප්‍රීමා’ කුසලාන වයස 15 න් පහළ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය මෙම මස 20 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දිස්ත්‍රික් තරගාවලියේදී කණ්ඩායම් 39 ක් අතර තරග 90 ක් පැවැත්වෙන අතර එම දිස්ත්‍රික් තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සමන්විත පළාත් කණ්ඩායම් නිර්මාණය වෙති. දිස්ත්‍රික් තරගාවලියට ක්‍රීඩකයින් 585 ක් ඇතුළත්වන අතර පළාත් තරගාවලියට ඉන් ක්‍රීඩකයින් 180 ක් තෝරාගනු ලැබේ.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ බිනුර ප්‍රනාන්දු මෙන්ම ශ්‍රී ලංකා වයස 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ අනුක් ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම සහ ප්‍රියමාල් පෙරේරාද මෙම ප්‍රීමා කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් තම කුසලතා දැක්වූ ක්‍රීඩකයෝ වෙති.
ක්‍රිකට් මූලස්ථානයේදී අද (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට සහභාගීවූ සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී්‍රස්හී ප්‍රධාන කළමණාකාර සූන් ටියෙන් මහතා පැවසූයේ මෙම තරගාවලිය හරහා ප්‍රීමා සමූහ ව්‍යාපාරය මෙරට කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයක් බලාපොරොත්තු වන අතරේම තරගාවලිය පැවැත්වෙන කාලය තුළදී තරගාවලිය සදහා සහභාගීවන ක්‍රීඩකයින්ට සම්පූර්ණ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර සපයමින්ද අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාදෙමින්ද ඔවුන් ශාරීරිකව හා මානසිකවද ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවය.
මෙවර තරගාවලියේදී කණ්ඩායම් 12 ක් කාණ්ඩ දෙකක් යටතේ තරගවදින අතර සම්පූර්ණ තරග සංඛ්‍යාව 31 කි. ප්‍රසාද ලකුණු සටහන අනුව ඒ ඒ කාණ්ඩයන්හී පෙරමුණ ගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගනූ ඇත.
මූලික වටයේ තරග ඔක්තෝබර් 4 වැනිදා අවසන් වන අතර අවසන් මහා තරගය දෙදින තරගයක් ලෙස ඔක්තෝබර් 6 සහ 7 යන දෙදින එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී රූපවාහිනි සජීවී විකාශනයක්ද සහිතව පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.