එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති සමස්ත එංගලන්ත බැඩ්මින්ටන් ශූරතාවලියේදී, අවුරුදු 40 ට ඉහළ වයස් කාණ්ඩයෙන් තරග කළ නදීෂා ගයාත්රි පදක්කම් දෙකක් දිනාගත්තාය.
වයස 40 ට වැඩි කාන්තා කේවල ශූරතාවලියේදී රන් පදක්කම දිනාගත් නදීෂා එංගලන්තයේ රොහාන් කපූර් සමගින් එක්ව මිශ්ර යුගල ශූරතාවලියේ රිදී පදක්කමත් දිනාගත්තාය.
108 වැනි සමස්ත එංගලන්ත බැඩ්මින්ටන් ශූරතාවලිය, පසුගිය 10 වැනිදා සිට 12 වැනිදා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්විණ.
පසුගිය වසරේදී පැවැති ශ්රී ලංකා ප්රවීණයන්ගේ බැඩ්මින්ටන් ශූරතාවලියේදී සාර්ථකම ක්රීඩිකාව වූ නදීෂා, රටවල් කිහිපයක පැවති ප්රවීනයන් සඳහා වූ ප්රමුඛ පෙළේ බැඩ්මින්ටන් ශූරතාවලිවලදී පදක්කම් දිනා ගැනීමට සමත්වූ ක්රීඩිකාවකි.
වයස 40 ට වැඩි කේවල කාන්තා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී 21/4 ක් සහ 21/7 ක් ලෙසින් එංගලන්ත ක්රීඩිකා ඇම්බර් වුඩ් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි නදීෂා එහිදී ලකුණු 21/10 ක් සහ 21/13 ක් ලෙසින් එංගලන්ත ක්රීඩිකාවක් වන ජොආනා ඩික්ස් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තාය. අවසන් තරගයේදී තවත් එංගලන්ත ක්රීඩිකාවක් වූ ජෝ කෝප්ස්ටේක් පිට පිටම තරග වට දෙකකදී පරාජය කරමින් නදීෂා ජයගත්තාය. එම තරග වට දෙකේදී ලකුණු සටහන් වූයේ 21/11 සහ 21/11 ක් ලෙසිනි.
නදීෂා වයස අවුරුදු 40 න් ඉහළ මිශ්ර යුගල ඉසව්වේ දී එංගලන්තයේ රොහාන් කපූර් සමඟ එක්ව තරග කළාය. එහි අර්ධ අවසන් පූර්ව තරගයේදී ඩේවිඩ් විලියම්ස් සහ කෙලී ෆෙයාරි පරාජය කරමින් තරග වට 2-1 ක ජයක් ලද නදීෂා සහ කපූර් අවසන් පූර්ව වටයේදී එංගලන්තයේ පෝල් ලී-ටොක් සහ ජොආනා ඩික්ස් තරග වට 2-1 ක් ලෙසින් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්හ.
මිශ්ර යුගළ අවසන් තරගයේදී එංගලන්තයේ ඩේවිඩ් රේ සහ හෙලන් ෆිෂර් ලකුණු 21/14 සහ 21/12 කින් පරාජය කරමින් නදීෂා සහ රොහාන් කපූර් ශූරතාව දිනාගත්හ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.