Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ (මාස්ටර්ස්) මලල ක්‍රීඩා සංගමය ලබන ජූලි 5 - 6 යන දිනවල දියගම මහින්ද රාජ්පක්ෂ පිටියේදී පැවැත්වීමට නියමිත 38 වැනි ප්‍රවීනයන්ගේ මලල ක්‍රිඩා තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඇයැදුම්පත් බාර ගැනීම ලබන ජූනි 10 වැනිදා දක්වා සිදු කෙරේ.
වයස 35 න් ඉහළ සිට 90 දක්වා වයස් කාන්ඩ 12 කට අයත් කාන්තා හා පිරිමි ඉසව් එහිදී පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා විදෙස් රටවල් කීපයකින්ද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් සහභාගි වෙති.
මාස්ටර්ස්'මලල ක්‍රීඩා සංගමයේ සභාපති විජිත සෙල්ලහේවා මහතා පවසන්නේ ලබන නොවැම්බර් 5 සිට 9 වැනිදා දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවරදී පැවැත්වෙන 23 වැනි ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමටද දියගම තරගාවලිය යොදා ගන්නා බවයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒ සදහා නිල වශයෙන් ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා සංගමයේ අනුමැතිය හිමිව ඇත්තේ සිය සංගමයට බවත් එහිදී ඔහු පවසයි. සභාපති, ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ (මාස්ටර්ස්) මලල ක්‍රීඩා සංගමය, මෙත්මල්, ගැමුණු මාවත, බිදුණුවැව, බන්ඩාරවෙල යන ලිපිනයට තරග ඇයැදුම්පත් යොමු කළ යුතුය.
තරගාවලිය පිළිබදව තොරතුරු ආනන්ද සුදුසිංහ මහතා දුරකථන අංක 0775350165 ඔස්සේ හෝ ජයන්ත ප්‍රනාන්දු මහතා දුරකථන අංක 0776697210 ඔස්සේ ඇමැතීමෙන් ලබා ගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.