ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා දින ප්‍රකාශයට පත්කර තිබේ. තරගාවලියේ පළමු තරගය වන පළමු ටෙස්ට් තරගය මේ මස 28 වැනිදා අබුඩාබිහිදී ආරම්භ වේ. ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දිවා/රාත්‍රී තරගයකි.
තරගාවලියට එක්දින තරග 5 ක් සහ විස්සයි:20 තරග තුනක් ඇතුළත් වන අතර තුන්වැනි විස්සයි:20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදීය. කෙසේ වෙතත් ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ විමසීමක් කිරීමෙන් පසුව පමණක් මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් බලා යාමට නියමිතය.
තරග කාලසටහන
සැප් 28 - ඔක් 02 : 1 වැනි ටෙස්ට් තරගය අබුඩාබිහිදී
ඔක් 06 - ඔක් 10 : 2 වැනි ටෙස්ට් තරගය ඩුබායිහිදී
ඔක් 13 : 1 වැනි එක්දින තරගය ඩුබායිහිදී
ඔක් 16 : 2 වැනි එක්දින තරගය අබුඩාබිහිදී
ඔක් 18 : 3 වැනි එක්දින තරගය අබුඩාබිහිදී
ඔක් 20 : 4 වැනි එක්දින තරගය සාජාහිදී
ඔක් 23 : 5 වැනි එක්දින තරගය සාජාහිදී
ඔක් 26 : 1 වැනි විස්සයි20 තරගය අබුඩාබිහිදී
ඔක් 27 : 2 වැනි විස්සයි20 තරගය අබුඩාබිහිදී
ඔක් 29 : 3 වැනි විස්සයි20 තරගය ලාහෝර්හිදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.