Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පදක්කම පෙනි පෙනී නිලන්ති නවතී

පදක්කම පෙනි පෙනී නිලන්ති නවතී

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මලයාසියාවේ ක්වාලාලාම්පූර් නගරයේදී පැවැත්වෙන 12 වැනි ලෝක වූෂු තරගාවලියේ සන්දා අංශයෙන් කිලෝ ග‍්‍රෑම් 56 බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා වූෂු කී‍්‍රඩිකා එන්. ඒ. නිලන්ති නිරෝෂිකා අද (3 වැනිදා) පරාජයට පත්වූවාය.

අර්ධ අවසන් පූර්ව වටයේදී ඉතාලි කී‍්‍රඩිකාවක් හමුවේ ඇය පරාජය වූවාය. ශී‍්‍ර ලංකා යුද හමුදාව නියෝජනය කරන නිලන්ති එම තරගය ජයග‍්‍රහණය කළේ නම් ඇයට පදක්කමක් දිනාගැනීමේ අවස්ථාව තිබිණ. වුෂූ ශූරතාවලියක අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූවද සෑම කී‍්‍රඩකයකුටම සහ කී‍්‍රඩිකාවකටම ලෝකඩ පදක්කමක් හිමිවේ.


අදහස් (0)

පදක්කම පෙනි පෙනී නිලන්ති නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.