Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පදක්කම් ලාභීන්ට ලක්‍ෂ ගණනින් තෑගි

පදක්කම් ලාභීන්ට ලක්‍ෂ ගණනින් තෑගි

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ඉංචියොන් නුවරදී පැවැති XVII ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා පිරිමි ක‍්‍රිකට් කණ්ඩායම සහ ලෝකඩ පදක්කම් දිනූ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම අගයමින් ලක්‍ෂ ගණනක මුදල් ත්‍යාග පිරිනැමීමට ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූගමගේ මහතා තීරණය කර තිබේ.   

මෙහිදී ආසියානු රන් පදක්කමක් වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය පිරිනමන නියමිත ලක්‍ෂ 30 ට අමතරව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග එකතුව විශේෂ ත්‍යාගයක් පිරිනැමීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම හිමිකරගත් ලෝකඩ පදක්කම සමග පදක්කම් සටහනේ 33 වැනි ස්ථානයේ හෙවත් අවසන් ස්ථානයේ සිටි ශී‍්‍ර ලංකාව, පිරිමි ක‍්‍රිකට් කණ්ඩායම දිනාගත් රන් පදක්කමත් සමග 27 වැනි ස්ථානයට පැමිණියේය.

 


අදහස් (0)

පදක්කම් ලාභීන්ට ලක්‍ෂ ගණනින් තෑගි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.