මේසපන්දු සංගමයේ ලේකම් ධුරය සඳහා තරග වැදීමට ඉදිරිපත්ව සිටි නිරංජන් අබ්සේන මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවර ගෙන තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔහු බිලියඞ් සහ ස්නූකර් සංගමයේ භාණ්ඩාගාරික තනතුර දැරීම යැයිද වාර්තා වේ.
මේසපන්දු තරග සඳහා සහභාගි වී නැති බවටද එහිදී ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර අබේසේන මහතා මින් පෙර මේසපන්දු සංගමයේ වැඩ බලන සභාපතිවරයකු සහ උප සභාපතිවරයකු ලෙස කටයුතු කර ඇති බැවින් එම චෝදනාව ප්‍රතික්ෂේප කෙරිණ.
ඒ අනුව ලේකම් ධූරය සඳහා අබේසේන මහතා සමගින් තරග වැදීමට ඉදිරිපත්ව සිටි සදිසි නිරාෂා මෙනවිය එම ධුරය සඳහා නිතරගයෙන් පත්වීමට නියමිතය. නිරාෂා මෙනවිය මින් පෙර මේසපන්දු සංගමයේ උප සභාපතිවරියක ලෙස මෙන්ම එහි උප ලේකම්වරියක ලෙසත් කටයුතු කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.