Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 138 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට අනුග්‍රහය පිරිනැමීමට ‘ඩයලොග් ආසියාටා’ සමාගම මෙවරත් ඉදිරිපත්ව සිටියි. ඩයලොග් සමාගම මෙම මහා ක්‍රිකට් තරගයට ප්‍රධාන අනුග්‍රහකයා ලෙස පිට පිටම ඉදිරිපත් වූ තෙවැනි වසර මෙය වේ.
මෙවර තරගය කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී මේ මස 9 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වේ. රාජකීය විදුහල් පිලේ නායකයා ලෙස හේලිත විතානගේ ද, සාන්ත තෝමස් විදුහල් පිලේ නායකයා ලෙස රොමේෂ් නල්ලපෙරුම ද කටයුතු කරති.
අනුග්‍රහය නිලවශයෙන් පිරිනැමීමේ උත්සවය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සහ ‘ඩයලොග් ආසියාටා’ සමාගමේ සමූහ වෙළෙඳ ප්‍රධානී අමලි නානායක්කාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍ය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා, සාන්ත තෝමස් විද්‍යාලයේ පාලක මාක් බිලිමෝරියා පියතුමා, ක්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
(ඡායාරූපය: ඉන්ද්‍රරත්න බාලසූරිය) |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.