Last Update  :  2025-08-26 15:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නේපාලය ලකුණු 80 කින් හොං කොං පරදවයි

නේපාලය ලකුණු 80 කින් හොං කොං පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මූලික වටයේ නේපාලය සහ හොං කොං අතර චිතගොන්හිදී අද (16) පැවැති දෙවැනි තරගයෙන් නේපාල ක‍්‍රීඩකයෝ ලකුණු 80 ක ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රහණය සදහා ලකුණු 150 ඉලක්කය හඹාගිය හොං කොං ඉනිම ලකුණු 69 කට සීමා කිරීමට නේපාල පන්දු යවන්නෝ සමත් වූහ.

නේපාල පිලේ දඟ පන්දු යවන්නන් වන බසන්ට් රිග්මි (14/3) සහ ශක්ටි ගයුචන් (9/3) කඩුලූ තුන බැගින් දවා ගත්හ.

ගයේන්ද්‍ර මල්ලා, නේපාල පිලේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 42 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත් විය.
 
කාසියේ වාසිය ලැබූ හොං කොං පිලේ නායක ජෙමි ඇට්කිංසන් පළමුව පන්දුවට පහර දීමට නේපාලයට ආරාධනා කළේය.


නේපාල පිල  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 149 (සුභාෂ් කකුරිල් 22, ගයේන්ද්‍ර මල්ලා 50, පරාස් ඛාකා 39, හසීබ් අම්ජාඞ් 25/3, නදීම් අහ්මඞ් 26/2)

හොං කොං පිල  ඕවර 17 කදී සියලූ දෙනා දැවී 69 (බාබර් හයට් 20, සොම්පාල් කමී 13/2, බසන්ට් රිග්මි 14/3, ශක්ටි ගයුචන් 9/3)

 

 


අදහස් (0)

නේපාලය ලකුණු 80 කින් හොං කොං පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.