Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලවරණ තියන්න සහන කාලයක්

නිලවරණ තියන්න සහන කාලයක්

editorial - 2022 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

 

විධායක සභාවේ වත්මන් නිල කාලය අද (31) අවසන් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඇතුළු ජාතික ක්‍රීඩා සංගම් හතරක මීළඟ නිලවරණ කැඳවීම සඳහා සහන කාලයක් ලබාදීමට ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය, ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය හා ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඩ් බෝල්) සම්මේලනය වත්මන් විධායක සභාවේ නිල කාලය ඊයේ අවසන්වීමට නියමිතව තිබූ සෙසු ජාතික ක්‍රීඩා සංගම් වෙති.

කෙසේ වුවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණය කැඳවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා අන්තර් ජාතික පාපන්දු සම්මේලනය හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිත පිරිසක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ජාතික ක්‍රීඩා සංගම් 14ක නව විධායක සභාවන් තේරීම සඳහා නිලවරණ ඊයේට පෙර පවත්වා අවසන් කළ යුතුව තිබුණි.


අදහස් (0)

නිලවරණ තියන්න සහන කාලයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.