Last Update  :  2026-03-21 20:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මාශෝක - දේවානන්ද සුනීල සංග්‍රාමය අද - හෙට
මහ ක්‍රිකට් තරග - 2026

ධර්මාශෝක - දේවානන්ද සුනීල සංග්‍රාමය අද - හෙට

editorial - 2026 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත, ඇත්කඳුර ජනක් ද සිල්වා සහ අම්බලන්ගොඩ එම්. හේමන්ත ද සිල්වා

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර 57 වැනි වරටත් සංවිධානය කෙරෙන සුනිල සංග්‍රාම වාර්ෂික ක්‍රිකට් තරගය අද-හෙට (21-22) දෙදින අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර තරගය අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ සත් කාරත්වයෙන් පවත්වනු ලබයි.

අම්බලන්ගොඩ ක්‍රිකට් මංගල්‍ය  ලෙස සැලකෙන සුනිල සංග්‍රාමය මෙතෙක් පැවැති තරග 56 න් තරග 12 කම ජය පැන් බීමට ධර්මාශෝක විදුහල සමත්ව තිබේ. දේවානන්ද විදුහලට තවමත් ජය පැන් බීමට හැකියාව ලැබී ඇත්තේ තරග 02 කදී පමණි. තරග 42 ක්ම ජයපරාජයෙන් තොරව නිමාවට පත්වී තිබේ.

සුනිල සංග්‍රාමය ආරම්භවී ඇත්තේ 1963 වසරේදීය. එම මංගල ක්‍රිකට් තරගයේ   ජය ධර්මාශෝක විදුහල විසින් අත්කරගන්නා ලදි.

ඉන් වසර තුනක් ගිය පසු එනම් 1966 වසරේදී දේවානන්ද විදුහල පළමු වතාවට මේ තරගයේ ජය ලබා ගත්තේය. එතැන් සිට

වසර 56 ක් ඉක්මවන තෙක් දේවානන්ද විදුහල සුනිල සංග්‍රාම ක්‍රිකට්  තරගයක ජය පැන් බීමට නොහැකි විය. විවිධ හේතූන් නිසා සුනිල සංගාම ක්‍රිකට්  තරග හතක්ම නොපැවැත්විණ.

අවසන් වරට දේවානන්ද විදුහල මේ තරගය ජය ගත්තේ 2022 වසරේදීය. ඒ දෙවැනි වරටය. 2022 න් පසු පැවැත්වූ තරග තුනම ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. මේ තත්ත්වය අනුව සුනිල සංග්‍රාම තරගයේ කුසලානය තවමත් පවතිනුයේ දේවානන්ද විදුහලේ විදුහල්පති නිල කාමරයේය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලය ද අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ II පෙළින් තරග කරයි. ආරම්භයේ සිටම අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගීවූ ධර්මාශෝක විදුහල එම විදුහල් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට දෙවන පෙළට වැටුණේ ගිය වසරේදීය (2025).

එය මේ විදුහලෙන් පළමු පෙළ ක්‍රිකට්  කීඩා කොට ක්‍රිකට් අත්පොත තබා ක්‍රිකට් කීඩාව දිග්විජය කොට ශී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම බැබලවූ අජිත් ද සිල්වා, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස් යන ආදි ක්‍රිකට් කීඩකයින්ට ධර්මාශෝක විදුහල් ක්‍රිකට් කීඩකයින් කණගාටුවට පත්වන කාරණාවකි.

මහ ක්‍රිකට් තරගයේ දේවානන්ද විදයාල ක්‍රිකට් කණ්ඩායමේ නියමුවා ලෙස දනිදු ඉනෝෂ් කටයුතු කරන අතර  උප නායකයා ලෙස සවීන් තෙනුවන් කටයුතු කරයි.  ජිතිර සංසික ධර්මාශෝක විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර කවීෂ මතීෂ් උප නායකයා ලෙස කටයුතු කරයි.

මේ වසරේ දෙවන පෙළ යටතේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය තවමත් කියාත්මක වෙමින් පවතින අතර එහිදී තරග හයකට මුහුණදුන් දේවානන්ද විදුහල පූර්ණ ජයග්‍රහණයන් දෙකක්, පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් සහ පූර්ණ පරාජයන් එකක්, පළමු ඉනිමේ පරාජයක් වාර්ථා කොට ඇත.

ධර්මාශෝක විදුහල මෙවර පැවති අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී තරග හතකට මුහුණදී පූර්ණ ජයගාහණ දෙකක් පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් සහ පළමු ඉනිමේ පරාජයක් වාර්ථා කොට ඇත.

 

ධර්මාශෝක විදුහල් කණ්ඩායම:

ජිතිර සංසික(නායක), කවීෂ මතීෂ් (උප නායක), චන්දූප කවීෂ, සුහස් ද සිල්වා, කවීෂ සඳරුවන්, ඔමේග කරුණාරත්න, රෙෂිත රුවීෂ්වක, හිවන් දිල්මික, නිමෙත් සේලංග, අකේන් සෙනෙකිත්, බුවිදු විමත්සර, තමිදු කවීෂර, බිගුන් ඉඳුමින, තරූෂ නිර්මාල්, සන්තුෂ ද සිල්වා

 

දේවානන්ද විදුහල් කණ්ඩායම:

දනිදු ඉනෝෂ් (නායක), සවීන් තිනුවන් (උප නායක), මහීම් කුෂදු, නිසිත් තේජව, තරූෂ නිර්මාල්, චමිදු දෙව්මින, සවිනු ගිහන්සිත්, අන්ෂු පේමචන්ද, භාසිත මනෝදය, තිසුල් රන්සන, දනේ කිස්ටිනෝ, හංසජ රුවින්ද, තෙනූෂ වීරසිංහ, නදින්ත දිනෙත්, සෙනුල වින්සර, බිනෝයි විදත්


අදහස් (0)

ධර්මාශෝක - දේවානන්ද සුනීල සංග්‍රාමය අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.