අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කරන්දෙණිය මැදි විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කරන්දෙණිය මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට ධර්මාලෝක විදුහල සමත් විය.
එහිදී ධර්මාලෝක විදුහල වෙනුවෙන් සුපුන් මලිඳු ලකුණු 20 කට කඩුලු 4 ක්ද, කරන්දෙණිය මැදි විදුහල වෙනුවෙන් සමිත් ඉසුරු ලකුණු 38 කට කඩුලු 4 ක්ද දවාගත්හ.
කරන්දෙණිය මැදි විදුහල - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 107
(ශවිඳු උමේෂ් 28, සුපුන් මලිඳු 20/4, චමෝද් සුලක්ෂණ 22/2)
ධර්මාලෝක විදුහල - ඕවර 17.1 කදී කඩුලු 8 ක් දැවී 113
(ලක්ෂිත බොතේජු 38, හසිඳු ප්‍රබෝද් 20, සමිත් ඉසුරු 38/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.