Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මපාලය අසීරු තත්ත්වයක

ධර්මපාලය අසීරු තත්ත්වයක

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පැවැත්වෙන තරගයේ පළමු දිනය වූ ඊයේ (24 වැනිදා) දිනය නිමාවන ධර්මපාල විදුහල ලකුණු 87 කට කඩුලූ 6 ක් දැවී අසීරු තත්ත්වයක පසුවිය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නාලන්දා විදුහල් කණ්ඩායම සියලූදෙනා දැවී ලකුණු 243 ක් රැස්කළ අතර එහිදී නාලන්දා විදුහලේ අවිශ්ක ද සිල්වා නොදැවී ලකුණු 87 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

මෙම තරගය ඊයේ සහ අද (24-25) කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වේ.

නාලන්දා විදුහල පළමු ඉනිම -  ඕවර 70.4 කදී සියලූදෙනා දැවී 243
(අවිශ්ක ද සිල්වා නොදැවී 87, වොශාන්ත ද සිල්වා 39, සෙනුර අමරසිංහ 25, මාලිංග අමරසිංහ 24, දසුන් සෙනෙවිරත්න 20, කුෂාන් ජයලත් 31/3, තරිඳු මදුවන්ත 29/2, විමුක්ති රදැල්ල 41/2)

ධර්මපාල විදුහල පළමු ඉනිම -  ඕවර 12.4 කදී කඩුලූ 6 කට 87
(හිමාෂ ලියනගේ 33, ප‍්‍රෂාන් රත්නායක 30, ලහිරු විජේරත්න 35/3)

 

-036


අදහස් (0)

ධර්මපාලය අසීරු තත්ත්වයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.