Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිස්ත්‍රික් සංගමය දෙකට කැඩෙයි

දිස්ත්‍රික් සංගමය දෙකට කැඩෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය නමින් පාර්ශව දෙකක් පෙනී සිටිමින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ඇතැම් ප්‍රධානීන්ගේද ආශිර්වාදය ලබාගනිමින් පාපැදි තරග පැවැත්වීමට උනන්දුවීම නිසා පාපැදි ක්‍රීඩකයන් දෙපිල බෙදෙන තත්ත්වයක් උද්ගතවී ඇතැයි වාර්තාවේ.

මෙම පාර්ශ්ව දැනට කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය ලෙස පෙනී සිටින බවත් එම දෙපාර්ශ්වයම මෑතක සිට එකිනෙකා අභිබවා ඉස්මතුවීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස එම දිස්ත්‍රික් සංගමයේ නමින් පාපැදි තරග පවත්වන බව එම ආරංචි මාර්‍ග වැඩිදුරටත් සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය ලෙස පෙනී සිටින එම එක් පාර්ශ්වයක් පසුගිය 30 වැනිදා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාපැදි තරගයක් පැවැත්වීමට කටයුතු කළේය.

මේ අතර අනෙක් පාර්ශ්වය කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය ලෙස පෙනීසිටිමින් ලබන පෙබරවාරි 4 වැනිදා (නිදහස් දිනය) කිලෝමීටර 144ක් දුරැති ජයග්‍රාහකයාට රුපියල් ලක්‍ෂයක් ප්‍රදානය කරන පාපැදි තරගයක් මීගොඩදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කෙසේ වුවත් පාර්ශවවලට බෙදී සිටින දිස්ත්‍රික් පාපැදි සංගම් කීපයකට පාපැදි සම්මේලනයේ අවසරයකින් තොරව පාපැදි ක්‍රීඩාවට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක නොකරන ලෙස උපදෙස් ලබාදී තිබියදීත් කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ මෙම අර්බුදකාරී තත්ත්වය මතුවී තිබේ.

එහෙත් දෙපාර්ශවයම පාපැදි සම්මේලනයට අනුමැතිය සඳහා ඉදිරිපත් කරන තරග සඳහා අනුමැතිය ලැබීම තුළ ක්‍රීඩකයන් මුහුණදී තිබෙන ප්‍රධාන ගැටළුව වන්නේ කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ පරිපාලන කටයුතු මෙහෙයවීමට නීත්‍යානුකූලව හිමිකම ලැබී තිබෙන පාර්ශ්වය කවුරුන්ද යන්න ඔවුන්ට තීරණය කර ගැනීමට නොහැකි වීමය.

තමන් නීත්‍යානුකූල යයි කියන බව එක් පාර්ශවයක ප්‍රකාශකයෙකු ‘ලංකාදීප’යට පැවසුවේ පසුගිය වසරක කාලයක් තුළදී කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය ලෙස පෙනී සිටිමින් පාපැදි තරග 28ක් පවත්වා අවසන් කර තිබෙන බවයි.

 


අදහස් (0)

දිස්ත්‍රික් සංගමය දෙකට කැඩෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.