Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිනූකට අවසන් තරගයට පිවිසීමේ වරම් අහිමි වෙයි

දිනූකට අවසන් තරගයට පිවිසීමේ වරම් අහිමි වෙයි

ශනුක අරවින්ද - 2014 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා බැඩිමින්ටන් සංගමය සංවිධානය කරන යොනෙක්ස් සන්රයිස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ (IV කාණ්ඩයේ) බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොරියානු කී‍්‍රඩක හයියුන් ඉල් ලී සහ ඉන්දීය කී‍්‍රඩක ආනන්ද් පවර්ද, කාන්තා කේවල අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කී‍්‍රඩිකා පී. සී. තුල්සි සහ සිංගප්පූරු කී‍්‍රඩිකා ජියායුන් චෙන්ද අද (7 වැනිදා) සමත්වූහ.

පිරිමි අවසන් පූර්ව වටයේදී තරග වට 3-0 ක් ලෙස ඉන්දීය කී‍්‍රඩක එච්. එස්. ප‍්‍රනෝයි පරාජය කරමින් හයියුන් ඉල් ලී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර තරග වට වට 3-0 ක් ලෙස ශී‍්‍ර ලංකා කී‍්‍රඩක දිනූක කරුණාරත්න පරාජය කරමින් ආනන්ද් පවර් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ශී‍්‍ර ලංකාවේ අවසන් බලාපොරොත්තුව වූ දිනූක කරුණාරත්න අද පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තරග වට වට 3-0 ක් ලෙස ඉන්දීය කී‍්‍රඩක ආදිත්‍ය ප‍්‍රකාෂ් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පැමිණියත්, එහිදී ආනන්ද් පවර් හමුවේ පරාජයට පත්වීම නිසා ඔහුට අවසන් මහ තරගයට පිවිසීමට තිබූ අවස්ථාව මගහැරී ගියේය.

කාන්තා කේවල අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස තායිලන්ත කී‍්‍රඩිකා සුපනීඩා කටතෝං පරාජය කරමින් පී. සී. තුල්සි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර තරග වට 2-0 ක් ලෙස චීන තායිපේ කී‍්‍රඩිකා චියා හසින් ලී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

පිරිමි යුගළ අවසන් මහ තරගයේදී ඩැනී බාවා සහ චයුට් ටි‍්‍රයචාට්ගෙන් සමන්විත සිංගප්පුරු කණ්ඩායම සමගින් මනූ අටි‍්‍ර සහ සුමිත් රෙඞ්ඩිගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම තරග වැදීමට නියමිත අතර කාන්තා යුගල තරගය්දී පාතයිමාස් මුයෙන්වොං සහ කිලසු ඔස්ටමේයර්ගෙන් සමන්විත තායිලන්ත කණ්ඩායම සමගින් පාණ්ඬේ ගාඩි‍්‍ර සහ සිකී රෙඞ්ඩිගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම තරග වැදීමට නියමිතය.

මිශ‍්‍ර යුගල අවසන් මහ තරගයදී අක්ෂය දේවල්කාර් සහ ප‍්‍රාන්‍යා ගාඩි‍්‍රගෙන් සමන්විත කණ්ඩායම සමගින් තරග වැදීම සඳහා මලයාසියාවේ ඉන්ද්‍රා මාවන් සහ ඉන්දියාවේ ප‍්‍රජක්ට සාවන්ගෙන් සමන්විත කණ්ඩායම සුදුසුකම් ලැබ සිටියි.

තරගාවලියේ සියලූ අවසන් මහ තරග හෙට (8 වැනිදා) කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදීම පැවැත්වේ.

 


අදහස් (0)

දිනූකට අවසන් තරගයට පිවිසීමේ වරම් අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.