Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිනෙත් ජනාධිපති විද්‍යාලයට ජය ගෙනෙයි

දිනෙත් ජනාධිපති විද්‍යාලයට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2019 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබාගැනීමට කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සමත්විය. මෙම තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ දිනෙත් නෙලුම්දෙණිය ඉනිම දෙකෙහිදීම කඩුලු 5 බැගින් ලකුණු 98 කට කඩුලු 10 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 47.2 කදී සියලුදෙනා දැවී ලකුණු 128
(මලීෂ සේනානායක නොදැවී 23, අකලංක පෙතියාගොඩ 21, දිනිත් නෙලුම්දෙණිය 40/5, තසිත නිර්මාල් 31/3)

ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලුදෙනා දැවී ලකුණු 219
(අකිල රොෂාන් 82, ඉරංග හෂාන් 38, දිනිත් නෙලුම්දෙණිය 25, සිනෙත් වීරසුරිය 49/4, අචින්ත වික්‍රමසිංහ 19/2, අකලංක පෙතියාගොඩ 33/2, ගිහාන් අබේවර්ධන 60/2)

ශා.මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 30 කදී සියලුදෙනා දැවී ලකුණු 113
(දුශාන් කරුණාතිලක නොදැවී 36, ගජිත කොටුවේගොඩ 29, දිනෙත් නෙලුම්දෙණිය 58/5, තසිත නිර්මාල් 43/3)

ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 4.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 23
(එරංග හෂාන් නොදැවී 21)


අදහස් (0)

දිනෙත් ජනාධිපති විද්‍යාලයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.