කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර ‘ලා සාල්’ කුසලාන වෙනුවෙන් පැවැති වාර්ෂික මහ ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට ශාන්ත බෙනඩික් විදුහල අද (11 වැනිදා) සමත් විය.
කඳාන ද මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී දෙදින තරගයක් ලෙස ඊයේ (9 වැනිදා) ආරම්භ වූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතරමග අත්හැර දැමීමට සිදුවූ අතර අද දිනයේදී එය සීමිත ඕවර තරගයක් ලෙස නැවත ආරම්භ විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත බෙනඩික් ක්‍රීඩකයෝ ඕවර 34.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 98 ක් රැස්කරමින් බෙනඩික් විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
කාසියේ වාසිය දිනූ බෙනඩික් විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මැසිනොද් විදුහලට ඕවර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 153 ක් පමණි. ලකුණු 28 කට කඩුලු 4 ක් දවාගත් ප්‍රිත්වි ජෙගරාජ්සිංහම් මැසිනොද් විදුහල් ඉනිම අඩ පණ කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් මහීෂ් තීක්ෂණ ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ද මැසිනොද් විදුහල - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 153
(ක්‍රිෂාන් සංජුල 41, රොමාල් ප්‍රනාන්දු නොදැවී 37, සනෝජ් පෙරේරා 26/2, ප්‍රිත්වි ජෙගරාජ්සිංහම් 28/4, මහීෂ් තීක්ෂණ 16/2)
ශාන්ත බෙනඩික් විදුහල - ඕවර 34.3 කදී කඩුලු 2 ක් දැවී 155
(ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 98, ශනිල්ක නිර්මාල් නොදැවී 28)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.