Last Update  :  2025-12-24 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෝනි පද්ම භූෂණ සම්මානයට

දෝනි පද්ම භූෂණ සම්මානයට

Nisanka Sandeepani - 2017 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ සිවිල් පුරවැසියකු වෙනුවෙන් පිදෙන තෙවැනි ඉහළම සම්මානය වන පද්ම භූෂණ සම්මානය සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් මහේන්ද්‍ර සිං දෝනිගේ නම යෝජනා කර ඇත.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකයින්ගේ ඒකමතික තීරණයක් අනුව මහේන්ද්‍ර සිං දෝනිගේ නම පද්ම භූෂණ සම්මානය සදහා යෝජනා කළ බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වැඩ බලන සභාපති සී.කේ. ඛන්නා මහතා පැවසීය. 

“ඒක සාමාජිකයන්ගේ ඒකමතික තීරණයක්. ඔහු මේ වන විට ලෝකයේ සිටින විශිෂ්ටතම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්” යයිද ඛන්නා මහතා පැවසීය. 
මෙම සම්මානයට නිර්දේශ වූ 11 වැනි ක්‍රිකට් ක්‍රීඩකයා බවට මහේන්ද්‍ර සිං දෝනි පත්වන අතර මීට පෙර සචින් තෙන්ඩුල්කාර්, රාහුල් ද්‍රාවිඞ්, කපිල් දේව්, සුනිල් ගවස්කාර්, චන්දු බොඬේ, ලාලා අමරනාත්, මහාචාර්ය ඩී. බී. ඩිදාර්, සී.කේ. නයිදු, භාලින්ද්‍ර සිං සහ මහරාජා විසිනාග්‍රම් යන ක්‍රීඩකයෝ මෙම සම්මානය හිමිකර ගත්හ. 

ඉන්දීය නායකයින් අතරින් වැඩිම සාර්ථකත්වයක් හිමිකරගත් නායකයා වන දෝනී 2007 දී විස්සයි20 ලෝක කුසලානයත්, 2011 දී ලෝක (එක්දින) කුසලානය සහ 2013 දී ශූරයන්ගේ කුසලානයත් දිනාගැනිම සදහා ඉන්දීය පිලට නායකත්වය දුන්නේය. 

ටෙස්ට් තරග 90 කදී ලකුණු 4876 ක්ද, එක්දින තරග 303 කදී ලකුණු 9742 ක් සහ විස්සයි20 තරග 78 කදී ලකුණු 1212 ක් රැස්කිරීමට දෝනී සමත්වී ඇති අතර පසුගියදා අවසන්වූ ශ්‍රී ලංකා සංචාරයේදී 100 වැනි ස්ටම්ප් කිරීම ලබාගත් දෝනි එවන් දස්කමක් කළ ලෝකයේ පළමු කඩුලු රකින්නා බවටද පත්විය.

 


අදහස් (0)

දෝනි පද්ම භූෂණ සම්මානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.