Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවානන්දයට මුල් ඉනිමේ ජයක්

දේවානන්දයට මුල් ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අම්බලන්ගොඩ දේවානන්ද විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර ඊයේ සහ අද (23-24) මහනුවර පොලිස් කී‍්‍රඩාංගණයේදී පැවති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට අම්බලන්ගොඩ දේවානන්ද විදුහල සමත්විය.

එහිදී දේවානන්ද විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරතවූ චතුර මිලාන් ලකුණු 107 ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ කණ්ඩායම් සගයකු වන තිලාන් අංජන ලකුණු 23 කට කඩුලූ 5 ක් දවාගනිමින් කිංග්ස්වුඞ් කණ්ඩායමේ පළමු ඉනිම 169 කට සීමාකිරීමට පුරෝගාමී විය.

දේවානන්ද විදුහල පළමු ඉනිම - ඕවර 55.3 කදී කඩුලූ 8 කට 296
(චතුර මිලාන් 107, ලහිරු ප‍්‍රසන්න 61, සකුන් කාංචන 47, ඉමේෂ් උදයංග 24, ප‍්‍රභාත් ජයවික‍්‍රම 24/3)

කිංග්ස්වුඞ් විදුහල පළමු ඉනිම - ඕවර 70.1 කදී සියලූදෙනා දැවී 169
(දිනූ පූර්ණිම 70, දිල්ෂාන් වලිසුන්දර 26, තිලාන් අංජන 23/5, සකුන් කාංචන 29/2)

කිංග්ස්වුඞ් විදුහල දෙවැනි ඉනිම - ඕවර 38.2 කදී කඩුලූ 6 කට 97
(දිනූ පූර්ණිම 29, මහේෂ් සංජීව 19/3)

- 036


අදහස් (0)

දේවානන්දයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.