Last Update  :  2025-12-29 15:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවපතිරාජ විදුහලට ඉනිමක ජයක්

දේවපතිරාජ විදුහලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවිෂ්කගේ සහ රවීන්ගේ තුන් ඉරියව් දස්කම් හමුවේ අම්බලන්තොට තේරපුත්ථ ජාතික පාසල සමග පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගයකින් ඉනිමක සහ ලකුණු 136 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට රත්ගම දේවපතිරාජ විදුහල ඊයේ (31 වැනිදා) සමත්විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තේරපුත්ථ ජාතික පාසලට ලකුණු 284 ක් රැස්කිරීමට සිදුවූවත් සිය දෙවැනි ඉනිම වෙනුවෙන්ද ඔවුන්ට සියලූදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 147 ක් පමණි.

එහිදී අවිෂ්ක ගිම්හාන ලකුණු 35 කට කඩුලූ 5 ක් දවාගනිමින් තේරපුත්ථ ජාතික පාසලේ පළමු ඉනිම ලකුණු 147 කට සීමාකළ අතර රවීන් යසස් ලකුණු 40 කට කඩුලූ 6 දවාගනිමින් තෙරපුත්ත ජාතික පාසලේ දෙවැනි ඉනිමද ලකුණු 147 කට සීමාකළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දේවපතිරාජ විදුහල වෙනුවෙන් රමිඳු නිකීෂල ලකුණු 115 ක් රැස්කළ අතර දිල්ෂාන් කාංචන (85), රවීන් යසස් (71) සහ අවිශ්ක ගිම්හාන (55) අර්ධ ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 430 ක් දක්වා ඔසවා තැබූහ.


දේවපතිරාජ විදුහල පළමු ඉනිම -  ඕවර 96.5 කදී සියලූ දෙනා දැවී 430
(රමිඳු නිකීෂල 115, දිල්ෂාන් කාංචන 85, රවීන් යසස් 71, අවිශ්ක ගිම්හාන 55, ප‍්‍රසන්න කරුණාවංශ නොදැවී 31, ජයඳු දිල්ෂාන් 54/3, ඉසුරු මධුෂාන් 36/2)
 
තේරපුත්ථ ජාතික පාසල පළමු ඉනිම -  ඕවර 37.5 කදී සියලූ දෙනා දැවී 147
(එම්. සුමිත් 35, පසිඳු චතුරංග 20, අනෝජ් මධුසංක 17, හසුන් මධුසංක 17, අවිෂ්ක ගිම්හාන 35/5, පැතුම් මධුසංක 41/3, ලහිරු මධුවන්ත 20/2)

තේරපුත්ථ ජාතික පාසල දෙවැනි ඉනිම -  ඕවර 38.4 කදී සියලූ දෙනා දැවී 147
(දසුන් බුද්ධික 50, දිනේෂ් මධුෂාන් 29, හසුන් මධුසංක 19, රවීන් යසස් 40/6, උමේෂ් කසුන් 17/2, පැතුම් මධුසංක 23/2)

 


- 036

 


අදහස් (0)

දේවපතිරාජ විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.