Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය.
රත්ගම පොදු ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි වටයේ තරගයකදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව කඩුලු 4ක ජයක් ලැබීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය. මෙම තරගයේදී දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීමට සඳරු මල්ෂාන් සමත්විය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - ඕවර 43.2 කදී 179 යි
(දීනිප වික්‍රමසූරිය 47, නදීන් මහීෂ 32, චමත් වෙල්ලාලගේ 24, නිසිල දිමාත් 21, පුල්ජිත් වත්සුක 25/3, සඳරු මල්ශාන් 31/3, හිරුෂ ප්‍රමෝද් 52/2)
රත්ගම දේවපතිරාජ විද්‍යාලය - ඕවර 29.5 කදී කඩුලු 6 ක් දැවී 180 යි
(සඳරු මල්ෂාන් 66, අරෝෂ සිතුමිණ 39, පුල්ජිත් වත්සුක නොදැවී 20, ඔෂේන් කල්හාර 20, නිසිල දිමාත් 34/3, අදීෂ ලක්ෂාන් 52/2)
සඳරු මල්ෂාන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.