Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෙසැම්බරයේ ගෝන් පී‍්‍ර ගොල්ෆ් ශූරයා විජිත

දෙසැම්බරයේ ගෝන් පී‍්‍ර ගොල්ෆ් ශූරයා විජිත

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පින් ප‍්‍රනාන්දු ගෝන් පී‍්‍ර ගොල්ෆ් තරග මාලාවේ දෙසැම්බර් තරගාවලිය ජය ගැනීමට දිගන වික්ටෝරියා ගොල්ෆ් සමාජයේ විජිත බණ්ඩාර සමත්විය. මෙම තරගාවලිය දෙසැම්බර් 31 වැනිදා සිට ජනවාරි මස 3 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ පිටියේදී පැවැත්විණ.

දින 4 ක් පුරා පැවැති මෙම තරගාවලිය තරග වට 4 කින් සමන්විත විය. එම තරග වට 4 ම පහර 278 කින් නිමා කරමින් විජිත බණ්ඩාර තරගාවලිය ජයගත්තේය. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ චලිත පුෂ්පික (290) සහ ප‍්‍රදීප් කුමාර (293) හිමිකරගත්හ.

මෙම තරග මාලාවේ ඉකුත් මාස වල පැවැති තරගාවලි වලදී දස්කම් අතර සිටි ප‍්‍රබල කී‍්‍රඩකයකු වන එන්. රංගා, මෙවර තරගාවලියේදී 9 වැනි ස්ථානය දක්වා පහළ වැටීම කැපීපෙනෙන සිදුවීමක් ලෙස සඳහන් කළ හැක.

 
තරග ප‍්‍රතිඵල

1. විජිත බණ්ඩාර (දිගන වික්ටෝරියා ගොල්ෆ් සමාජය) - 70 + 69 + 68 + 71 = 278
2. චලිත පුෂ්පික (කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය) - 72 + 75 + 70 + 73 = 290
3. ප‍්‍රදීප් කුමාර (කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය) - 77 + 72 + 73 + 71 = 293
4. එම්. ආරුමුගම් (කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය) - 73 + 72 + 76 + 74 = 295
5. බී. ඒ. රෝහණ (කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය) - 75 + 74 + 73 + 76 = 298
6. පී. හේමන්ත (දිගන වික්ටෝරියා ගොල්ෆ් සමාජය) - 78 + 71 + 77 + 73 = 299
7. ආර්. සුරේෂන් (කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය) - 77 + 72 + 72 + 80 = 301
8. එන්. අමරපද්ම (කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය) - 78 + 76 + 72 + 76 = 302
9. එන්. රංගා (කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය) - 79 + 72 + 74 + 78 = 303
10. චානක පෙරේරා (කොළඹ රාජකීය ගොල්ෆ් සමාජය) - 76 + 76 + 77 + 76 = 305

 

-036

 


අදහස් (0)

දෙසැම්බරයේ ගෝන් පී‍්‍ර ගොල්ෆ් ශූරයා විජිත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.