වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට මාස් යුනිචෙලා පිල අද (10 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මාස් යුනිචෙලා කණ්ඩායමේ දුවිඳු තිලකරත්න ලකුණු 30 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර රමිත රඹුක්වැල්ල (නොදැවී 68) අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
මෙම තරගය ඕවර 47 කට සීමාවිය.
කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ - ඕවර 38.2 කදී සියලුදෙනා දැවී ලකුණු 126
(පැතුම් නිශ්ශංක 27, දුවිඳු තිලකරත්න 30/6, ඩිල්රුවන් පෙරේරා 11/2)
මාස් යුනිචෙලා - ඕවර 17 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 129
(රමිත් රඹුක්වැල්ල නොදැවී 68, තිලකරත්න සම්පත් 45)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.