Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දීපිකාගේ ස්ථානයට ලසන්ති

දීපිකාගේ ස්ථානයට ලසන්ති

රොෂාන් ගුණරත්න - 2013 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ දකුණු අප‍්‍රිකානු තරග සංචාරයට සහභාගි වීමට නියමිත සිටි ප‍්‍රබල තුන් ඉදිරියව් ක‍්‍රීඩිකා දීපිකා රසාංගිකා අබාධයකට ලක්වීමට නිසා ඇයට එම සංචාරය අහිමි වන බව වාර්තා වේ. දීපිකාගේ ස්ථානයට ලසන්ති මධුෂානි ආදේශ කර තිබේ.  

කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේ පැවැති පන්දු රැකීමේ පුහුණු සැසියකදී දීපිකා දකුණු කකුලේ වළලූකර බාධායකට ලක්වී තිබේ. අනතුරුව දීපිකා එම්. ආර්. අයි. ස්කෑන් පරීක්‍ෂාවකට ලක්කර ඇති අතර එම වාර්තාවට අනුව ඇයට සති හතරක පමණ කාලයක් විවේක ගැනීමට සිදුවී තිබේ.

ඉන්දියාවේදී පසුගිය පෙබරවාරි මස පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය සහ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා පිල ලැබූ ඵෙතිහාසික ජයග‍්‍රහණ දෙකේදී දීපිකා තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් වූවාය. එහිදී දීපිකා ඉන්දියාවට එරෙහිව රැුස්කළ ලකුණු 84 කැපී පෙනුණි.
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල මේ මස 19 වැනිදා දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම

ශෂිකලා සිරිවර්ධන (නායිකාව), ඒශානි ලොකුසූරිය (උප නායිකාව), චමරි අතපත්තු, යශෝධා මෙන්ඩිස්, ලසන්ති මධුෂානි, ඩිලානි මනෝදරා (කඩුලූ රකින්නිය), නිලූකා කරුණාරත්න, සේපාලි වීරක්කොඩි, උදේෂිකා ප‍්‍රබෝධිනි, චමරි සෙනෙවිරත්න, මදුරි සුමුදිකා, එන්.අයි.අයිඩා, චන්දිමා ගුණරත්න සහ රෙබේකා වැන්ඩොට්.

තරග කාලසටහන

ඔක්තෝම්බර් 22 - දකුණු අපි‍්‍රකා නැගී එන කණ්ඩායම සමග පුහුණු තරගය
ඔක්තෝම්බර් 24 - පළමු එක්දින ජාත්‍යන්තර තරගය
ඔක්තෝම්බර් 26 - දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය
ඔක්තෝම්බර් 28 - තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය
ඔක්තෝම්බර් 31 - පළමු වි: 20 තරගය
නොවැම්බර් 02 - දෙවැනි වි: 20 තරගය
නොවැම්බර් 03 - තෙවැනි වි: 20 තරගය


අදහස් (0)

දීපිකාගේ ස්ථානයට ලසන්ති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.