අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ යාපනය ශාන්ත ජෝන් විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට සිරිකුරුස විදුහල සමත් විය.
එහිදී සිරිකුරුස විදුහලේ දිල්හාර නානායක්කාර ලකුණු 43 කට කඩුලු 11 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 21.4 කදී සියලු දෙනා දැවී 68
(එන්. සෞමියන් 26, දිල්හාර නානායක්කාර 02/6, අරෝෂ් භාග්‍ය 04/2, දිල්ෂාන් මධුෂංක 29/2)
සිරිකුරුස විදුහල් පළමු ඉනිම - ඕවර 29.5 කදී සියලු දෙනා දැවී 87
(වයි. විදුෂාන් 17/5, ඒ. සාරාන් 22/3)
ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 61 කදී සියලු දෙනා දැවී 154
(ටී.පී. තනුජන් 38, ඒ. සුකේතන් 28, දිල්හාර නානායක්කාර 41/5, අතීෆ් අස්ලයි 37/2)
සිරිකුරුස විදුහල් දෙවැනි ඉනිම - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 138
(පැතුම් ප්‍රනාන්දු 32, නිලක්ෂ කසුන් 27, දිල්ෂාන් මධුෂංක නොදැවී 25, වයි. විදුෂාන් 66/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.