කොළඹ ජාත්‍යන්තර පාසල සංවිධානය කළ වයස 15 න් ඉහළ ජාත්‍යන්තර පාසල් දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වත්තල ජාත්‍යන්තර පාසල් ක‍්‍රීඩිකාවෝ සමත්වුහ.
ශාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේ පැවැති අවසන් මහ තරගයේදී නුගේගොඩ ජාත්‍යන්තර පාසල ලකුණු 14-3 කින් පරදවා වත්තල ජාත්‍යන්තර පාසල ජය ලැබීය. හසීනා අබ්දුල් දැල්පන්දු රැජිණ ලෙස ද, අෂා නිස්මා දක්‍ෂතම පන්දු විදින්නිය ලෙස ද සම්මාන ලැබුහ.
මෙම තරගාවලියට සමගාමීව පැවැති වයස 15 න් පහළ ජාත්‍යන්තර පාසල් දැල්පන්දු තරගාවලියේ අනුශූරතාව ද වත්තල ජාත්‍යන්තර පාසල හිමිකර ගත්තේය.
- 090
ශූරතාව දිනාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් දැල්පන්දු ක‍්‍රීඩිකාවෝ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.