Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු නිලවරණය මාර්තු 31 ට පෙර

දැල්පන්දු නිලවරණය මාර්තු 31 ට පෙර

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නිලවරණය (2015-17) මාර්තු මස 31 වැනිදාට පෙර පවත්වා අවසන් කරන ලෙස ක‍්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා දැල්පන්දු අතුරු කමිටුවට උපදෙස්දී ඇතැයි වාර්තාවේ.

ඒ අනුව දැල්පන්දු සම්මේලනයේ පාර්ශව දෙකක් අපේෂකයන් තෝරාගැනීමේ කටයුතු මේ දිනවල ලහි ලහියේ කරමින් සිටින බවද දැල්පන්දු සංගම් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

දැල්පන්දු අතුරු කමිටුවේ වත්මන් සභාපතිනි ලක්‍ෂමි වික්ටෝරියා මහත්මියද මෙම දැල්පන්දු සංගමයේ සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට තිරණය කර ඇතැයිද වාර්තාවේ.

තත්ත්වය එසේ තිබියදී දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ දැල්පන්දු පරිපාලනයේ නිරතව සිටි දැල්පන්දු සංගමයේ හිටපු සභාපතිනියක්ද වන ටි‍්‍රක්සි නානායක්කාර මහත්මියද දැල්පන්ද නිලවරණයට කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව දැනගන්නට ඇත.

එහිදී මීට පෙර අවස්ථාවකදීත් දැල්පන්දු සංගමයේ නිලවරණයට නාමයෝජනා බාරදී පසුව ඉවත් කර ගත් පළාත් සභා මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය සභාපති ධුරයට කැඳවාගෙන ඒමට තවත් පාර්ශවයක් උනන්දු වී සිටින බවත් වාර්තාවේ.

දැල්පන්දු සංගමයේ නිලවරණය පැවැත්වීමට මෙවර උත්සහ දරන්නේ 2013 න් පසුවය. පසුගිය නිලවරණය පැවැත්වීම අත්හිටුවූ  එවකට ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඒ වෙනුවට දැල්පන්දු අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගත්තේය.

මෙම වසරේදී  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන ලෝක දැල්පන්දු ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරිම දැල්පන්දු සංගමයට අලූතින් පත්වන නිලධාරීන්ට පැවරෙන ප‍්‍රධාන වගකීමය.

මේ වන විට ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයද හිස්ව පවතී.

●●


අදහස් (0)

දැල්පන්දු නිලවරණය මාර්තු 31 ට පෙර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.