Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු නිලවරණය දෙකොන් සටනකට හැරෙයි

දැල්පන්දු නිලවරණය දෙකොන් සටනකට හැරෙයි

editorial - 2025 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

නිලවරණ කමිටුව විසින් ශ්‍රී ලංකා දැල්පන්දු (නෙට්බෝල්) නිලවරණය සදහා (2026 -28) පිළිගත් නාමයෝජනා දෙකක් ඉවත දැමීමට සිය විමර්ශනයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව තීරණය කර තිබේ. සභාපති අපේක්ෂිකා වජිරා නෙත්තිකුමාර හා තරග ලේකම් ධූර අපේක්ෂිකා ඩබ්.ඩී.අනුෂා මයුරිනී යන මහත්මීන්ගේ නාම යෝජනාවලට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනා මෙසේ එම කමිටුව විසින් පිළිගැනීමෙන් ඔවුන්ගේ නාමයෝජනා මෙසේ ඉවත් කර තිබේ.

 කෙසේ වූවත් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාට පැමිණිලි කිරීමේ ප්‍රතිපලයක් ලෙස පසුගිය බදාදා (18) ඔවුන්ට නැවැත වතාවක් අභියාචනා උපදේශක කමිටුව හමුවේ පෙනී සිටීමේ අවස්ථාවක් ලබාදී තිබුණි. එහි ලේකම් රන්දිකා ගමගේ ඒ සම්බන්ධයෙන් අභියාචකයන්ට හා පසුව ඉදිරිපත් වූ වග උත්තරකාර පාර්ශවයන් වෙත දැනුම්දී තිබුණේ සියලු පාර්ශව වෙත සාධාරණ ඇහුම් කන්දීමක් සිදු කිරීමේ අරමුණින් එය සිදු කරන බවයි.

 එහි විමර්ශනයේ ස්වභාවය ලෙස දක්වා තිබුණේ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණ කමිටු තීරණ සම්බන්ධයෙන් අගතියට පත්වීම පිළිබදවයි.

 අභියාචනා උපදේශක කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා ගනු ලබන තීරණ ක්‍රීඩා පනතේ 30 වැනි වගන්තියට ප්‍රකාරව අවසාන හා තීරණාත්මක විය යුතු බවත් එය යම් අධිකරණයකදී ප්‍රශ්න කරනු නොලැබිය යුතු බවත් එහි 41වැනි වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනා උපදේශක කමිටුව මැයෙන් සාදන ලද නියෝග මාලාවේ දැක්වේ.

 කෙසේ වූවත් ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරන ආකාරයට ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව වෙත තවදුරටත් තොරතුරු තිබේ නම් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කරන ලෙස දැනුම්දී තිබේ.

 දැල්පන්දු සම්මේලනයේ යෝජිත නිලවරණයට ඉදිරිපත් වූ නාම යෝජනා කීපයකටම එරෙහිව නිලවරණ කමිටුවට පළමුව විරෝධතා ගොනු කර තිබුණි. එහිදී සභාපති අපේක්ෂිකා ඩබ්.ජේ. නෙත්තිකුමාර මහත්මිය ඇතුළු කීපදෙනකුට එරෙහිව ගොනු කළ එම විරෝධතා ඉවත දැමීමට නිලවරණ කමිටුව කලින් පියවර ගෙන තිබුණි.

 ඩේසිකා ප්‍රියංකර විතාරණ, චම්පා ප්‍රසාදී අල්විස්, දීප්ති අල්විස්, ට්‍රික්ෂි ජයන්තා නානායක්කාර,ශිරන්ති ප්‍රසාදිකා රාජපක්ෂ, අනෝමි ගුණසේකර හා බී.ඩී.සුමිතා යන මහත්මීන් එම විරෝධතා ගොනු කර තිබුණි. ක්‍රීඩා පනතේ 6 ්1කොටසේ 11 වැනි වගන්තිය ඇතුළු වගන්ති කීපයක් උල්ලංඝණය වන ආකාරයෙන් ඉහත නාමයෝජනා ඉදිරිපත්ව ඇතැයි අදාළ විරෝධතාවලින් කියවුණි.

 ඒ අනුව දැල්පන්දු නිලවරණයේදී ඩේසිකා ප්‍රියංකර විතාරණ හා රුක්ෂි නෙත්තිකුමාර යන මහත්මීන්ගේ සභාපති අපේක්ෂත්වය මේ වන විට තහවුරුවී තිබේ. ලේකම් ධූරයට නාමයෝජනා බාරදී සිටින දමයන්ති ජයතිලක මහත්මිය ගම්පහ දිස්ත්‍රික් සංගමයේ නොවන අයෙකු බවට ඉදිරිපත් වූ විරෝධතාවද අභියාචනා උපදේශක කමිටුව විසින් ඉවත දමා තිබේ.


අදහස් (0)

දැල්පන්දු නිලවරණය දෙකොන් සටනකට හැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.