ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම තෝරා ගැනීමේ තේරීම් තරග දින නියමයකින් තොරව කල්දැමු බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී යසා රාමචන්ද්‍ර මහත්මිය ‘ලංකාදීපයට’ පැවසුවාය.
ජාතික දැල්පන්දු සංචිතයේ සිටින ක‍්‍රීඩිකාවන් 39 දෙනාගෙන් 21 දෙනකු තෝරා ගැනීමේ තරග මේ මස 23 සහ 24 දෙදින මරදාන ශාන්ත ජෝශප් විදුහල් ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.
මෑතකදී පැවැති ආරක්‍ෂක සේවා දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගි වූ කී‍්‍රඩිකාවන් වෙහෙසට පත්ව සිටින බැවින් තේරීම් තරගාවලිය පැවැත්වීම කල්දැමූ බවද සම්මේලනයේ සභාපතිනී යසා රාමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
තේරීම් තරග පැවැත්වීම සඳහා ක‍්‍රීඩා සංකීර්ණයක් යළිත් ලබා ගැනීමේ අපහසුතාවක් තිබෙන බැවින් පැවැත්වෙන ස්ථානය තීරණය කිරීමෙන් පසුව තේරීම් තරග නැවත පැවැත්වෙන දින යොදා ගන්නා බව ද රාමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් කීවාය.
ආසියානු දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන 10 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය ජුලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 7 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා සහභාගිවන රටවල් ගණන 10 කි.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.