Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ද්විත්ව ප්‍රයාම තරග කෝට්ටේදී

ද්විත්ව ප්‍රයාම තරග කෝට්ටේදී

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නූතන පංච ප්‍රයාම සම්මේලනයේ නිරීක්ෂණයෙන් ශ්‍රී ලංකාවේදී පළමු වතාවට සංවිධානය කෙරෙන ලේසර් රන්සිටි ද්විත්ව ප්‍රයාම (ධාවනය සහ ඉලක්කයට වෙඩි තැබීම) තරග මාලාව හෙට (25) පෙරවරු 11 සිට කෝට්ටේ කිඹුලාවල ‘කුමන’ පිටියේ දී පැවැත් වේ.

ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනය සංවිධානය කරන එම තරග මාලාව සඳහා අපේක්ෂිත ප්‍රමාණයටත් වඩා තරගකරුවන් ඉදිරිපත්ව සිටින බැවින් කලින් සැලසුම් කළ තරග කාල සටහන සංශෝධනය කරමින් මෙහි තරග ඉසව් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා  නූතන පංච ප්‍රයාම සම්මේලනයේ ලේකම් නිෂාන්ත පියසේන මහතා ලංකාදීපයට පැවසීය. මේ වනවිට ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටින බැවින් වයස 15න් පහළ තත්ත්වයේ තරග ඉසව් ගණන පහක් දක්වාත් සුපිරි තරගාවලිය කාණ්ඩ දෙකකින්ද පැවැත්වීමටත් තීරණය කර තිබේ.

මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට ලෝක ද්විත්ව ප්‍රයාම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අයැදුම් කිරීමේ අවස්ථාව හිමි වන බවද නූතන පංච ප්‍රයාම සම්මේලනය පවසයි.

තරඟකරුවකු මීටර් 800ක් ධාවනයේ යෙදී අනතුරුව තත්පර 50 ක කාලයක් තුළදී ඉලක්කයට වෙඩි තැබීමෙන් වාර පහක් සාර්ථක කරගත යුතු අතර එහිදී එම ඉසව් දෙකට අවම කාලයක් තුළ දී සාර්ථකව නිමා කිරීම තුළ තරඟකරුවකු හෝ තරගකාරියන් ද්විත්ව ප්‍රයාම ක්‍රීඩාවේ ජයග්‍රාහකයෙකු බවට පත්වේ.

මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට ද්වි ප්‍රයාම ලෝක ශූරතාවලියට එක්වීමේ අවස්ථාව හිමිවන බැවින් එහි ප්‍රමිතිය  පිළිබඳව නිරීක්ෂණය සඳහා අන්තර්ජාතික නූතන පංච ප්‍රයාම සම්මේලනයේ තාක්ෂණික  අධ්‍යක්ෂ බර්න්හාඞ් පෙට්රුන්ස්කි මහතා දිවයිනට පැමිණ සිටියි.

වයස 11න් පහළ, 15න් පහළ, 19න් පහළ බාලක හා බාලිකා සුපිරි කාන්තා හා පිරිමි විනෝදයට ඉදිරිපත් වන තරගකරුවන් සඳහා වන පරිදි තරග මාලාවට ඉසව් එහිදී ධාවනයේ හා ඉලක්කයට වෙඩි තැබීමේ දුර වයස් කාණ්ඩයට අනුව වෙනස්වේ. තරග මාලාවේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් හා සහතික පත්‍ර ප්‍රදානය කෙරේ.

ලේසර් රන් සිටි ද්විත්ව ප්‍රයාම තරගාවලියට අනුග්‍රහය දක්වන ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පෞද්ගලික සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂිකා කෞෂල්‍යා පෙරේරා මහත්මිය හා හෝම්ලෑන්ඞ් සමුහ ව්‍යාපාර ආයතනය වෙනුවෙන් එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ නලින් හේරත් මහතා අනුග්‍රාහක චෙක්පත් ශ්‍රී ලංකා සත් ප්‍රයාම සම්මේලනයේ ලේකම් නිෂාන්ත පියසේන මහතාට ප්‍රදානය කළ අයුරු. අන්තර්ජාතික නූතන පංච ප්‍රයාම සම්මේලනයේ තාක්ෂණික  අධ්‍යක්ෂ බර්න්හාඞ් පෙට්රුන්ස්කි මහතාද ඡායාරූපයේ සිටී.

 


අදහස් (0)

ද්විත්ව ප්‍රයාම තරග කෝට්ටේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.