
(රොෂාන් ගුණරත්න)
නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 5 වැනි තරගය ජය පරාජයෙන් තොරව අද (13 වැනිදා) අවසන් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට විසින් ගාල්ල කණ්ඩායමට තරගයේ සිව්වැනි සහ අවසන් දිනය නිමාවන විට කඩුලු 2 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 80 ක් පමණි. සංගීත් කුරේ ලකුණු 47 ක් සහ ධනංජය ලක්ෂාන් ලකුණු 15 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
ගාල්ල කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 95 ක් පසු පසින් සිට අද සිය දෙවැනි ඉනිම ඇරඹූ දඹුල්ල පිල කඩුලු 7 කට ලකුණු 300 ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවා ගාල්ල පිලට ඕවර 20 කදී හඹා යෑම සඳහා ලකුණු 206 ක ඉලක්කයක් ලබා දුන්නේය.
පවන්ත වීරසිංහ ලකුණු 76 ක්, මිනෝද් භානුක ලකුණු 49 ක් සහ චමිඳු විජේසිංහ නොදැවී ලකුණු 40 ක් ලබාගනිමින් දඹුල්ල පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.
චානක රුවන්සිරි, අකිල ධනංජය සහ නිමේෂ් විමුක්ති කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තෙවැනි දිනය වූ ඊයේ (12 වැනිදා) තරගය නිමාවන විට පළමු ඉනිම සඳහා කඩුලු 7 කට ලකුණු 499 ක් රැස්කර සිටි ගාල්ල පිලේ ඉතිරි කඩුලු 3 ලකුණු 14 ක් තුල අද උදෑසන දවා ගැනීමට දඹුල්ල පන්දු යවන්නෝ සමත්වූහ.
දඹුල්ල පළමු ඉනිම - සියලුදෙනා දැවී 418
(නිමේෂ ගුණසිංහ 103, පවන්ත වීරසිංහ 29, මිනෝද් භානුක 163, ළහිරු සමරකෝන් නොදැවී 37, චානක රුවන්සිරි 62/4, අකිල ධනංජය 98/3)
ගාල්ල පළමු ඉනිම - සියලුදෙනා දැවී 513
(සංගීත් කුරේ 32, පබසර වඩුගේ 34, හෂාන් දුමිඳු 167, ධනංජය ලක්ෂාන් 119, විශාද් රන්දික 51, සුමින්ද ලක්ෂාන් 46, ළහිරු සමරකෝන් 52/4, අෂාන් ප්‍රියංජන් 84/3)
දඹුල්ල දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 300
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 27, පවන්ත වීරසිංහ 76, අශාන් ප්‍රියංජන් 37, මිනෝද් භානුක 49, චමිඳු විජේසිංහ නොදැවී 40, ළහිරු සමරකෝන් නොදැවී 26, චානක රුවන්සිරි 49/2, අකිල ධනංජය 66/2, නිමේෂ් විමුක්ති 74/2)
ගාල්ල දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 80
(සංගීත් කුරේ නොදැවී 47)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.