Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දඹුල්ල කාන්තා පිලට කඩුල්ලක තියුණු ජයක්

දඹුල්ල කාන්තා පිලට කඩුල්ලක තියුණු ජයක්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (05 වැනිදා) පැවැති තරගය කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට දඹුල්ල කාන්තා කණ්ඩායම සමත්විය.

තුන් ඉරියව් දස්කම් දැක්වූ දඹුල්ල කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 45 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් සහ ලකුණු 30 ක් ලබාගනිමින් පිත්තෙන්ද දස්කම් දැක්වූවාය. 

කවීශා දිල්හාරීද ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගනිමින් මහනුවර කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සිමාකිරීමට දායකවූ අතර උමේෂා දිමාශනී නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූවාය.

මහනුවර කණ්ඩායම - ඕවර 46.4 කදී සියලුදෙනා දැවී ලකුණු 155
(ශ්‍රීපාලී වීරක්කොඩි නොදැවී 36, නිපුනි හංසිකා 31, මදුරි සමුද්‍රිකා 23, කවීශා දිල්හාරී 27/3, චමරි අතපත්තු 45/3)

දඹුල්ල කණ්ඩායම - ඕවර 49.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 159
(උමේෂා දිමාශනී නොදැවී 42, චමරි අතපත්තු 30, ජිමාංජලී විජේනායක 23, කවීශා දිල්හාරී 22, තාරිකා සෙව්වන්දී 42/3, ඉනෝකා රණවීර 12/2, ශ්‍රීපාලී වීරක්කොඩි 20/2)

 


අදහස් (0)

දඹුල්ල කාන්තා පිලට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.