සිලෝන් ලයන්ස් චෙස් සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘සිලෝන් ලයන්ස්’ කේවල චෙස් තරගාවලියේ සමස්ත බාලක ශූරතාවය දඔදෙණිය මධ්‍ය මහා විද්‍යාලය විසින් දිනාගන්නා ලදි. වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය තරගාවලියේ අනු ශුරතාවය හිමිකරගත් අතර තෙවන ස්ථානය අලව්ව ශ්‍රී රාහුල විද්‍යාලය විසින් දිනාගනු ලැබිණ.
බාලිකා තරගාවලියේ ශුරතාවය වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ බාලිකා මහා විද්‍යාලය විසින් දිනාගන්නා ලදි. දංකොටුව බාලිකා මහා විද්‍යාලය බාලිකා අනුශුරතාව හිමිකරගත් අතර තෙවන ස්ථානය කිරිමැටියාන බෞද්ධ බාලිකා මහා විද්‍යාලයට හිමිවිය.
මෙම තරගාවලිය දින තුනක් පුරා පන්නල ජාතික පාසලේදී පවෑත්විණි. වයස් කාණ්ඩ 08 ක් යටතේ පැවති තරගාවලිය සඳහා පාසල් 28 ක් නියෝජනය කරමින් සිසු සිසුවියෝ 500 කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී තරඟ වැදුණහ.
ශූරතා දිනාගත් පාසල් වෙත කුසලාන පිරිනැමීම සිලෝන් ලයන් චෙස් සංගමයේ උප සභාපති චමින්ද නිශාන්ත සහ ලේකම් නාලක රාජපක්ෂ යන මහත්වරුන් අතින් සිදු කරනු ලැබූ අතර මෙම අවස්ථාවට සිලෝන් ලයන්ස් චෙස් සංගමයේ සභාපති නිරෝෂන් පෙරේරා මහතා ඇතුඵ පිරිසක්ද සහභාගිවී සිටිහ.
බාලක ශූරතාව දිනාගත් දඔදෙණිය මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම
බාලිකා ශූරතාවය දිනාගත් වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ බාලිකා මහා විද්‍යාලීය කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.