Last Update  :  2025-12-29 15:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දග පන්දු යවන්නෝ යොවුන් පිල දිනවති

දග පන්දු යවන්නෝ යොවුන් පිල දිනවති

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුසල් මෙන්ඩිස්ගේ සහ හර්ෂ රාජපක්ෂගේ දස්කම් නිසා  ඕස්ටේ‍්‍රලියානු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව අද (1 වැනිදා) කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු සීමිත  ඕවර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 95 පහසු ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම සමත්විය.

ලකුණු 263 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ටේ‍්‍රලියානු 19 න් පහළ කණ්ඩායමට  ඕවර 45.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 167 ක් පමණි. ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළ ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන්නෝ බිඳ වැටුණ කඩුලූ 10 න්, 7 කටම හිමිකම් කීමට සමත්වූහ. එහිදී හර්ෂ රාජපක්ෂ ලකුණු 21 කට කඩුලූ 3 ක් දවාගත් අතර ලක්ෂාන් ජයසිංහ සහ ඒ. කේ. ටිරෝන් කඩුලූ 2 බැගින් දවාලමින් ඔහුට මනා සහයක් දුන්හ.  

කාසියේ වාසිය අහිමි වීම නිසා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනාම දැවී යන විටත් සත්කාරක කණ්ඩායම  ඕවර 32.2 කදී රැස්කර තිබුණේ ලකුණු 147 ක් පමණි. ඒ වන විට ලකුණු ලබාගැනීමේ වේගය  ඕවරයකට ලකුණු 4.59 ක් විය.

එහෙත් හර්ෂ රාජපක්ෂ (33) සමග එක්වූ ශී‍්‍ර ලංකා 19 න් පහළ නායකයා 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් තම කණ්ඩායමට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට මඟ විවර කර දුන්නේය.

පන්දු 104 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 103 ක් රැස්කළ කුසල් මෙන්ඩිස් සහ හර්ෂ රාජපක්‍ෂ දෙදෙනාම මුලූ ලකුණු සංඛ්‍යාව 22 දී දැවී ගිය නමුත් අනුක් ප‍්‍රනාන්දු (19) සහ බිනුර ප‍්‍රනාන්දු (16) එක්ව තම පිලේ ලකුණු සංඛ්‍යාව 262 දක්වා ඉහළ දැමූහ.

ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ කණ්ඩායමේ මැතිව් ෆොටියා සහ ජේම්ස් බස්ලි කඩුලූ 3 බැගින් දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම

හෂාන් දුමිඳු - ඇ. අෂ්කෙනාසි ප. බස්ලි    27
සදීර සමරවික‍්‍රම - ඇ. ශෝර්ට් ප. බස්ලි    12
කුසල් මෙන්ඩිස් - ඇ. අෂ්කෙනාසි ප. ෆොටියා    103
මිනෝද් භානුක - ඇ. මැක්ඩෙමොට් ප. ඇන්ඩෘ    14
පි‍්‍රයමාල් පෙරේරා - ඇ. මෝගන් ප. ෆොටියා    14
හෂේන් රාමනායක - ප. අෂ්කෙනාසි     11
හර්ෂ රාජපක්ෂ - ඇ. මැක්ඩෙමොට් ප. ෆොටියා    33
අනුක් ප‍්‍රනාන්දු - නොදැවී    19
බිනුර ප‍්‍රනාන්දු - ඇ. මොර්ටිමර් ප. බස්ලි    16
ඒ. කේ. ටිරෝන් - නොදැවී    3
අතිරේක     10
එකතුව ඕවර 50 කදී කඩුලූ 8 කට     262
පන්දුවට පහර නොදුන් කී‍්‍රඩක
යා :
ලක්ෂාන් ජයසිංහ

කඩුලූ වැටීම:
1-36(සමරවික‍්‍රම), 2-51(දුමිඳු), 3-70(භානුක), 4-106(පෙරේරා), 5- 147(රාමනායක), 6-222(මෙන්ඩිස්), 7-222(රාජපක්ෂ), 8-244(ප‍්‍රනාන්දු)

පන්දු යැවීම:
මැතිව් ෆොටියා: 10-0-63-3, කැමරන් වැලන්ට්: 9-1-49-0, ජේම්ස් බස්ලි: 9-1-32-3, තෝමස් ඇන්ඩෘ: 10-1-37-1, බෙන් අෂ්කෙනාසි: 6-0-36-1, කෙල්වින් ස්මිත්: 2-0-19-0, ඬේමියන් මොර්ටිමර්: 3-0-17-0, මැතිව් ශෝර්ට්: 1-0-4-0


ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ කණ්ඩායම

කෙල්වින් ස්මිත් - ස්ට. භානුක ප. ලක්ෂාන්     8
මැතිව් ශෝර්ට් - අ. දුමිඳු ප. බිනුර    13
ජේරන් මෝගන් - ස්ට. භානුක ප. ලක්ෂාන්    2
බෙන් මැක්ඩෙමොට් - ස්ට. භානුක ප. රාජපක්ෂ     11
ඬේමියන් මොර්ටිමර් - ප. රාජපක්ෂ    17
ඇලෙක්ස් ග්‍රෙගරි - ඇ. ලක්ෂාන් ප. අනුක්    27
ජේම්ස් බස්ලි - ක. මු. කළා ප. රාජපක්ෂ    0
කැමරන් වැලන්ට් - ඇ. භානුක ප. ටිරෝන්     47
බෙන් අෂ්කෙනාසි - ස්ට. භානුක ප. ටිරෝන්    1
තෝමස් ඇන්ඩෘ - ඇ. භානුක ප. පෙරේරා    20    
මැතිව් ෆොටියා - නොදැවී    7
අතිරේක    14
එකතුව  ඕවර 45.1 කදී සියලූ දෙනා දැවී     167

කඩුලූ වැටීම:
1-23(ශෝර්ට්), 2-27(ස්මිත්), 3-28(මෝගන්), 4-55(මැක්ඩෙමොට්), 5-57(මොර්ටිමර්), 6-57(බස්ලි), 7-121(ග්‍රෙගරි), 8-133(අෂ්කෙනාසි), 9-144(වැලන්ට්), 10-167(ඇන්ඩෘ)
 
පන්දු යැවීම:
බිනුර ප‍්‍රනාන්දු: 6-1-30-1, අනුක් ප‍්‍රනාන්දු: 8-0-33-1, ලක්ෂාන් ජයසිංහ: 10-2-31-2, හෂේන් රාමනායක: 2-00-7-0, හර්ෂ රාජපක්ෂ: 8-0-21-3, ඒ. කේ. ටිරෝන්: 10-1-30-2, පි‍්‍රයමාල් පෙරේරා: 1.1-0-3-1  


- 036

 


අදහස් (0)

දග පන්දු යවන්නෝ යොවුන් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.