දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා ශෙහාන්
ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙල වන ‘ඩයලොග් - ශ්‍රී ලංකා ක‍්‍රිකට්’ සම්මාන උළෙලේදී වයස 23 න් පහළ තරගාවලියේ දක්‍ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා වශයෙන් මුවර්ස් කී‍්‍රඩා සමාජයේ ශෙහාන් ජයසූරිය සම්මාන දිනාගත්තේය.
වයස 23 න් පහළ වයස් කාණ්ඩයේ දීප්තිමත් කී‍්‍රඩකයකු වන ශෙහාන් ජයසූරිය පසුගිය වසරේ 23 න් පහළ දේශීය තරගාවලියේදී ලකුණු 649 ක් ඉක්මවා රැස්කළ අතර පන්දු යැවීමෙන් කඩුලූ 35 ක් දවාගැනීමටද සමත් වීම නිසා මෙම සම්මානය හිමිකරගත්තේය. මෙවර 23 න් පහළ තරගාවලියේදීත් තරග 7 කදී ලකුණු 642 ක් ලබාගැනීමෙන් අනතුරුව කඩුලූ 19 ක් දවාගත් ශෙහාන් ජයසූරිය, පසුගිය මාසයේ සිංගප්පූරුවේදී පැවැති ආසියානු නැගීඑන කණ්ඩායම් තරගාවලියේ එක්දින තරග 4 කදී ලකුණු 225 ක් ලබාගැනීමටද සමත් විය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය 5 වැනි වරටත් සංවිධානය කළ මෙම සම්මාන උළෙල වසර 2012-13 කි‍්‍රකට් වාරයේදී දස්කම් දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සම්මාන පිරිනැමීම සඳහා පෙරේදා (10) රාත‍්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි.
පිරිමි 23 න් පහළ තරගාවලිය (I වැනි කාණ්ඩය)
-
ශුරතාව :- ද්‍රවිඩ සංගම් කී‍්‍රඩා සමාජය
-
අනුශූරතාව -: මුවර්ස් කී‍්‍රඩා සමාජය
-
දක්ෂතම පිතිකරුවා :- ශිහාන් කමලීන් (කෝල්ට්ස් කී‍්‍රඩා සමාජය)
-
දක්ෂතම පන්දුයවන්නා :- දුලාංජන මෙන්ඩිස් (නාවික හමුදා කී‍්‍රඩා සමාජය)
-
දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා -: ශෙහාන් ජයසූරිය (මුවර්ස් කී‍්‍රඩා සමාජය)
පිරිමි 23 න් පහළ තරගාවලිය (II කාණ්ඩය)
-
ශුරතාව :- අම්බලන්ගොඩ සිංහ කී‍්‍රඩා සමාජය
-
අනුශූරතාව :- මීගමුව කී‍්‍රඩා සමාජය
-
දක්ෂතම පිතිකරුවා :- තරිඳු මධුසංක (සෙබස්තිනයිට්ස් කී‍්‍රඩා සමාජය)
-
දක්ෂතම පන්දුයවන්නා :- මොහොමඞ් අස්ලාම් (සැරසන්ස් කී‍්‍රඩා සමාජය)
-
දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා :- කල්ප බණ්ඩාරනායක
ඩොනවන් ඇන්ඩි‍්‍ර තරගාවලිය
-
ශුරතාව -: මීගමුව කී‍්‍රඩා සමාජය
-
අනුශූරතාව :- නාරම්මල කී‍්‍රඩා සමාජය
-
දක්ෂතම පිතිකරුවා -: ගිහාන් නිම්සල (ආදි සෙරවේෂන් කී‍්‍රඩා සමාජය)
-
දක්ෂතම පන්දුයවන්නා :- නිපුන රණසිංහ (නාරම්මල කී‍්‍රඩා සමාජය)
-
දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා :- චානක විජේවර්ධන (කොළඹ විශ්ව විද්‍යාලය)
සරා ලීග් තරගාවලිය
-
ශුරතාව :- කළුතර නාගරික කී‍්‍රඩා සමාජය
-
අනුශූරතාව -: පොලිස් කී‍්‍රඩා සමාජය
-
දක්ෂතම පිතිකරුවා : ශෙහාන් අරවින්ද (අන්තෝනියන් කී‍්‍රඩා සමාජය)
-
දක්ෂතම පන්දුයවන්නා -: බුද්ධික සංජීව (කළුතර නගර සමාජය)
-
දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා :- තිලිණ හේරත් (කුරුණෑගල කී‍්‍රඩා සමාජය)
අන්තර් කී‍්‍රඩා සමජ වි:20 තරගාවලිය
-
ශුරතාව :- බී. ආර්. සී. කී‍්‍රඩා සමාජය
-
අනුශූරතාව :- කෝල්ට්ස් කී‍්‍රඩා සමාජය
-
දක්ෂතම පිතිකරුවා -: සුජිත් නිකේතන (මුවර්ස් කී‍්‍රඩා සමාජය)
-
දක්ෂතම පන්දුයවන්නා :- අරවින්ද පේ‍්‍රමරත්න (කුරුණෑගල යොවුන් කී‍්‍රඩා සමාජය)
-
දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා :- කෞශල්‍ය ලොකුආරච්චි (එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය)