Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දක්ෂතම කී‍්‍රඩකයා : විරුණක - කී‍්‍රඩිකාව : හංසනී

දක්ෂතම කී‍්‍රඩකයා : විරුණක - කී‍්‍රඩිකාව : හංසනී

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ලූම්බිණි විදුහලේ පාසල් සංවර්ධන සමිතිය සංවිධානය කළ බස්නාහිර පළාත් ශේ‍ණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස කොළඹ රාජකීය විදුහලේ විරුණක හෙන්දහේවා ද, කී‍්‍රඩිකාව ලෙස කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා ද සම්මාන දිනාගත්හ.

වයස 15 න් පහළ සහ වයස 18 න් පහළ අවසන් තරග වලදී කොළඹ රාජකීය විදුහලේ නිමේෂ් රංචාගොඩ පරාජය කරමින් ශූරතා දිනාගත් විරුණක හෙන්දහේවා, ඉන් නොනැවතී විවෘත පිරිමි තරගයේ අනුශූරතාවද හිමිකර ගනිමින් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය.

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූ කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා, විවෘත කාන්තා ශූරතාව දිනාගත්තේ එම විදුහලේම කිත්මදී රණවක පරාජය කරමිනි.

ඊට අමතරව කොළඹ විශාකා විදුහලේ නතාෂා සඳවිනී පරාජය කරමින් වයස 15 න් පහළ ශූරතාව දිනාගැනීමටද, එම විදුහලේම ඩිලානි පෙරේරා පරාජය කරමින් වයස 18 න් පහළ ශූරතාව දිනාගැනීමටද, හංසනී සමත්වූවාය.

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනූ විරුණක හෙන්දහේවා තරග වට 3-2 ක් ලෙස පරාජය කළ කොළඹ රාජකීය විදුහලේ නිමේෂ් රංචාගොඩ, විවෘත පිරිමි ශූරතාව දිනාගත්තේය.

කොළඹ ලූම්බිණි විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ලූම්බිණි විදුහලේ ආදි ශිෂ්‍යයෙක් සහ එම විදුහල් රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ලෙස තාරක හෙට්ටිආරච්චි මහතා සහභාගි විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දක්ෂතම කී‍්‍රඩකයා : විරුණක

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දක්ෂතම කී‍්‍රඩිකාව : හංසනී

බාලක තරග ප‍්‍රතිඵල

වයස 8 න් පහළ
කකෙරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස තෙෂාන් සන්දේව් (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/6, 11/4, 11/8)
 
වයස 10 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස තුමාල් අධිකාරි (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/5, 11/9, 11/5)
 
වයස 12 න් පහළ
තිස්ස රාංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (13/11, 11/9, 9/11, 12/10)

වයස 15 න් පහළ
විරුණක හෙන්ඳහේවා (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (14/12, 11/9, 11/8)

වයස 18 න් පහළ
විරුණක හෙන්ඳහේවා (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/6, 11/9, 7/11, 11/7)

වයස 21 න් පහළ
ශෙනෙල් රත්නායක (ශ්‍රී ලංකා යුද හමුදාව) විසින් තරග වට 3-0 ක් ලෙස තරිඳු කේෂාන් (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) පරාජය කරන ලදි. (11/6, 11/4, 11/8)

 

බාලිකා තරග ප‍්‍රතිඵල

වයස 8 න් පහළ
ෆාත්මාත් ධීමා විසින් තරග වට 3-1 ක් ලෙස සිත්මි සියඹලාපිටිය (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/4, 11/9, 9/11, 11/6)

වයස 10 න් පහළ
සහන්‍යා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ෆාත්මාත් ධීමා පරාජය කරන ලදි. (11/6, 11/4, 11/8)

වයස 12 න් පහළ
නෙත්මි හෙට්ටිආරච්චි (ගම්පහ සිරිකුරුස විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/7, 9/11, 11/5)

වයස 15 න් පහළ
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස නතාෂා සඳවිනි (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (9/11, 11/7, 9/11, 11/6, 11/9)

වයස 18 න් පහළ
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ඩිලානි පෙරේරා (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/3, 116, 11/9)
 
වයස 21 න් පහළ
දෙව්මිණී වීරසේන (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස කිත්මදී රණවක (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (2/11, 11/4, 11/5, 14/12)


විවෘත තරග ප‍්‍රතිඵල

විවෘත පිරිමි
නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස විරුණක හෙන්ඳහේවා (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (7/11, 11/7, 11/8, 4/11, 11/9)

විවෘත කාන්තා
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස කිත්මදී රණවක (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (8/11, 11/9, 11/6, 11/9)

 


අදහස් (0)

දක්ෂතම කී‍්‍රඩකයා : විරුණක - කී‍්‍රඩිකාව : හංසනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.