Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිලක්ෂගෙන් තෝමසුවන්ට වේගවත් තල්ලූවක්

තිලක්ෂගෙන් තෝමසුවන්ට වේගවත් තල්ලූවක්

ශනුක අරවින්ද - 2013 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශතක සම්බන්ධතා දෙකකට සම්මාදම් වූ තිලක්‍ෂ සුමනසිරිගේ (143) පිතිහරඹයත් මධුෂාන් රවිචන්ද්‍රකුමාර් (94) සහ දුලංජ මෙන්ඩිස් (64) අර්ධ ශතක දෙකත් හේතුවෙන් තර්ස්ටන් විදුහලට එරෙහිව කොළඹ තර්ස්ටන් කී‍්‍රඩාංගණයේදී අද (26 වැනිදා) ආරම්භ වූ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයේදී ගල්කිස්ස සා. තෝමස් විදුහල කඩුලූ 5 කට ලකුණු 374 ක් ලබාගත්තේය.

පළමු දිනය අවසානයේදී තරගය නතර කරන විට තර්ස්ටන් පිලේ කඩුලූ 5 ක් ලකුණු 118 කට ඇද වැටී තිබිණ.

දුලංජ මෙන්ඩිස් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ තිලක්‍ෂ සුමනසිරි පන්දු 119 කට මුහුණ දෙමින් හයේ පහර 7 ක් සහ හතරේ පහර 12 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. දුලංජ දැවී යාමෙන් පසුව තිලක්‍ෂට එක්වූ මධූෂාන් රවිචන්ද්‍රකුමාර් පන්දු හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක්ද සමගින් 70 කදී  ලකුණු 94 ක් ලබාගත්තේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක්ද එක් කරමිනි.

සා. තෝමස් විදුහල පළමු ඉනිම  ඕවර 61 කදී කඩුලූ 5 ක් දැවී 374
(තිලක්ෂ සුමනසිරි 146, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 94, දුලාංජන සිල්වා 64, ධනුෂ් පිරීස් 27, කවිදු කුළසේකර 44/2)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම  ඕවර 34 කදී කඩුලූ 5 ක් දැවී 118
(මින්හාජ් ජලීල් නොදැවී 57, චරණ නානායක්කාර නොදැවී 20, සහන් විජේසිංහ 24/3)

ඡයාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

තිලක්ෂගෙන් තෝමසුවන්ට වේගවත් තල්ලූවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.